පාකිස්තාන ජනපතිවරණය පෙරේදා (30) පැවැත්වුණු අතර ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 24 දෙනා අභිබවා ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ පාලක පක්ෂය වන ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අපේක්ෂක මම්නූන් හුසේන් ය.
ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 6 වැනිදාය. කෙසේ නමුත් රාමදාන් මාසය සැළකිල්ලට ගනිමින් එය ජූලි 30 වැනිදා පැවැත්වීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දී තිබුණි.
මම්නූන් හුසේන් ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වෙයි.
ඒ අනුව, පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට සිය ධුරය අහිමි විය. දූෂණ චෝදනා රැසකට මුහුණ දී සිටින සර්දාරිට නීතිමගින් කටයුතු කිරීමට මෙතෙක් හැකියාවක් නොලැබුණි. ඒ, ජනපතිවරයා ලෙස කටයුතු කළ නිසා ඔහුට ආරක්ෂාවක් ලැබුණු හෙයිනි.
පාකිස්තාන නීතිවේදීහු පෙන්වා දෙන්නේ ජනපති ධුරය අහිමි වූ නිසා සර්දාරිට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට දැන් කිසිදු බාධාවක් නොමැති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd