පාකිස්තානයට ඇද හැළෙන මහ වැසි සහ ඒ සමඟ ප‍්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 108 තෙක් ඉහළ ගොස් ඇති බවත් 104 දෙනකු තුවාල ලබා සිටින බවත් ප‍්‍රාන්ත බලධාරීහු පවසති.
පාකිස්තාන රජය කියා සිටියේ ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට ලක්ෂයකට ආසන්න පිරිසකට උන්සිටිතැන් අහිමි වී ඇති බවය.
ජල ගැලීම් නිසා තවත් සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි ද පැවැසිණි. ඔවුන් සෙවීමේ කටයුකුවලටත් සහන සේවා කටයුතුවලටත් හමුදාවේ සහාය හිමිවෙන බව මාධ්‍ය වාර්තා කළේය.
අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවලට අධික වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත. නායයෑම් සිදුවී මාර්ග රැසක් අවහිර වී ඇති බව ද වාර්තා වේ. ජල ගැලීම් වාර්තා වී ඇත්තේ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ, පන්ජාබයේ, බලූකිස්තානයේ සහ දකුණු සින්ද් ප‍්‍රාන්තයෙනි.
විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති අතර දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩා විඳින බව ද වාර්තා වේ. සහන සේවා කටයුතු සඳහා හමුදාව යොදවා ඇති බව පාකිස්තාන රජය වැඩි දුරටත් කියා සිටී.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තානයේ ගංවතුරින් මියගිය ගණන 108 ට නගී
වීර Friday, 23 August 2013 10:54 AM
මාෂා අල්ලාහ්!(නදී)
වීර Friday, 23 August 2013 10:57 AM
"ඉන්ෂා අල්ලාහ්" මෙය අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවී ඇත. (නදී)
කාසිම් Thursday, 22 August 2013 09:00 AM
කොයි රටේ උනත් වුනු වැඩේට කනගාටුයි