ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පාකිස්තාන ගෝත‍්‍රික ප‍්‍රදේශයක ඊයේ (30) බෝම්බයක් පුපුරා ගිය අතර, පාකිස්තාන සෙබළු දෙදෙනෙක් ඊට බිලිවූහ.
බෝම්බය පුපුරා ගියේ දකුණු වසිරිස්තානයේය. පිපිරුමට හසුවීමෙන් තවත් සිව්දෙනෙක් තුවාල ලැබූහ. මේ වනවිටත් ප‍්‍රහාරය සම්බන්ධයේන්් කිසිවකුත් වගකීම බාරගෙන නොමැත.

එය අල් කයිඩා හෝ තලේබාන් සටන්කාමීන් විසින් සිදු කරනු ලැබූ ප‍්‍රහාරයක් බව පැවැසෙයි.