සිරියා රජයට එරෙහිව සටන් වදින සුන්නි මුස්ලිම් කැරැලිකරුවන්ට සහාය දීමට තමන් තීරණය කළ බවත් තම සටන්කාමීන් කණ්ඩායමක් සිරියාවට යවන බවත් පාකිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන ‘ලෂ්කාර් ඊ ජාන්ග්වී’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානය ඊයේ (15) කියා සිටියේය.

ඊජිප්තු රජය සහ කැරැලිකරුවන් අතර වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින සටන, මේ වනවිට සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර අරගලයක් බවට ද පරිවර්තනය වී ඇත.

කැරැලිකරුවන්ට උතුරු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන්ගේත් ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ඒජන්තවරුන්ගේත් සහාය හිමිවන බවට සිරියානු රජය චෝදනා කරයි.

ලෂ්කාර් ඊ ජාන්ග්වී සටන්කාමී සංවිධානයේ නායක සුලෙයිමාන් වීඩියෝ පටයක් අන්තර් ජාලය ඔස්සේ මාධ්‍ය වෙත නිකුත් කරමින් පවසා ඇත්තේ දෙවියන්ගේ නාමයෙන් සිරියානු රජයට එරෙහිව සටන් වැදීමට තමන් සූදානමින් සිටින බවත් සිරියානු කැරැලිකරුවන්ට එම සටන ජය ගැනීමට සහාය දෙන බවත්ය.

පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් සංවිධානය සමඟ ද ලෂ්කාර් ඊ ජාන්ග්වී සටන්කාමීහු සමීප සම්බන්ධකම් පවත්වති.
 

ලෂ්කාර් ඊ ජාන්ග්වී ඉස්ලාමීය සටන්කාමීන්