පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සය දෙනකු පෙරේදා (15) එරට බලූකිස්තාන ප‍්‍රාන්තයේ ක්වෙටා නුවර මහ රෝහලට කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 35 දෙනෙක් තුවාල ලැබූහ.
මියගිය අය අතර රෝගීන්, වෛද්‍යවරුන්, හෙදියන්, සහ රෝහල් ආරක්ෂක නිලධාරීන් ද සිටින බව එරට පුවත් සේවා වාර්තා කර තිබුණි.
තලේබාන් සටන්කාමීන් සය දෙනා රෝහලට කඩා වැදුණේ පෙරේදා සවස්වරුවේය.
ඒ, ඔවුන් ක්වෙටා නුවරදී විශ්ව විද්‍යාල සිසුවියන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියකට බෝම්බ ගසා පුපුරුවා හැරීමෙන් පසුවය.
බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලබූ සිසුවියන් සිවු දෙනකු රෝහල් ගත කළ අවස්ථාවේදී සටන්කාමීන් රෝහලට පැමිණ එම පිරිස සොයමින් දකින දකින සෑම දෙනාටම වෙඩි තැබීමට පටන් ගෙන ඇත.
සටන්කාමීන් රෝහලට කඩා වැදුණු බව ආරංචි වූ සැණින් පාකිස්තාන හමුදා කොමාන්ඩෝ භටයෝ රෝහල වැටැලූහ. එම අවස්ථාවේදී දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් සිදුවිය.
සටන්කාමීන් පාකිස්තාන හමුදා භටයන්ට අත්බෝම්බවලින් ද පහර දීමට පටන් ගෙන ඇත.
සටන්කාමීන් රෝහලේ සිටි රෝගීන් වෛද්‍යවරුන් සහ හෙදියන් ප‍්‍රාණ ඇපයට ගැනීමට ද උත්සහ කළ බව ද වාර්තා විය.
පැය පහකට ආසන්න කාලයක් කොමාන්ඩෝ සෙබළුන් සහ සටන්කාමීන් අතර අවි ගැටුම් පැවැති අතර අවසානයේදී සටන්කාමීන් 6 දෙනා මරා දැමීමට සෙබළු සමත් වූහ.
ෂරියා නීතියට පටහැනි නිසා බාලිකා අධ්‍යාපනයට තලේබාන්වරු විරෝධය දක්වති. ඔවුන් විශ්ව විද්‍යාල සිසුවියන් ඉලක්ක කර ගනිමින් බස් රියට බෝම්බ දමා ගසමින් පහර දුන්නේ එහෙයිනි. ප‍්‍රහාරයට ලක් වෙද්දී බස්රියේ සිසුවියෝ 14 දෙනෙක් සිටියහ.
ප‍්‍රහාරයෙන් පසු බස් රිය ගිනිගත් අතර, බේරා ගැනීමට හැකිවී ඇත්තේ සිසුවියන් සිව් දෙනා පමණි. ඔවුන් ද දරුණු ලෙස පිළිස්සීම්වලට ලක් වී සිටි බව වාර්තා වේ.
1947 වසරේ දී වෙනම රටක් ලෙස පාකිස්තානය බිහිවීමේදී පුරෝගාමියා ලෙස කටයුතු කළ අලි ජින්නාගේ ඉපැරණි නිවසට ද පෙරේදා (15) උදෑසන සටන්කාමීහු පහර දුන්හ. එම නිවස 19 වැනි සියවසේ දී ඉදිකරන ලද්දකි.
තලේබාන් සටන්කාමීන් එම ප‍්‍රහාරය එල්ල කළේ පාකිස්තාන නව අගමැති නවාස් ෂරීෆ් ඔවුන්ට සාම මාවතකට පිවිසෙන්නැයි ආරාධනා කර ඇති අවස්ථාවකදීය. සාම සාකච්ඡා පැවැත්වීමට තමන් ද සූදානම් යැයි තලේබාන්වරුන් පවසා ඇති නමුත් ඒ සඳහා පසුබිමක් මෙතෙක් සකස් වී නැත.
COMMENTS
ලෝක ත්‍රස්ත වාදය නිමවෙන්නේ කවදාද (දී)
ෂරියා නීතියේ කිසිම තැනක මෙවන් දෙයක් සඳහන්ව නැත. මෙය හුදු ඔවුන්ගේ (සටන්කාමීන්ගේ )මනසෙහි එල්බ ගත් දෙයක් පමණී. ෂරියා නීතිය අකුරටම රජයන රට සෞදි අරාබියාව. එහි දෙනටමත් සිසුවියන් සඳහාම වෙන්වුණු විශ්ව විද්‍යාල පවා ආරම්භ කර තිබෙනවා, "ප්‍රසන්න හිතේ තිබෙන්නාවූ පහත් දේ පෙන්වීමෙන් වලකින්න සත්‍ය නොදන්නේ නම් අසා හෝ දෙනගන්න.(නදී)
ඔන්න ෂරිය නීතිය. "ෂරියා නීතියට පටහැනි නිසා බාලිකා අධ්‍යාපනයට තලේබාන්වරු විරෝධය දක්වති. ඔවුන් විශ්ව විද්‍යාල සිසුවියන් ඉලක්ක කර ගනිමින් බස් රියට බෝම්බ දමා ගසමින් පහර දුන්නේ එහෙයිනි" අපි එකට වැඩකරමු. මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වෙමු. සියලු මුස්ලිම්වරුන් තේරුම් ගතයුත්තේ අන්තවාදයෙන් කිසිවෙකුට යහපතක් නොවන බවයි. ලෝකයේ ඕනෑවටත් වැඩිය උදාහරණ ඇත. (නි)
හොඳ පුවතක්. (ස)
ෂරියා නිතිය අපිට නම් අරහං... (නි)