බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා ටොන් 100 ක පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පාකිස්තාන පොලිසිය ඊයේ (21) සමත් විය.
පොලිස් නිලධාරීන් එක් වී එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගත්තේ පාකිස්තානයට අයත් බලූකිස්තාන ප‍්‍රාන්තයේ ක්වෙටා නුවර සිදු කළ වැටලීමකින් පසුවය. එම වැටලීමට හමුදාවේ ද සහාය ලැබුණු බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.
එම පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට පොලිසිය සමත් වූයේ ට‍්‍රක්රියක් සෝදිසි කළ අවස්ථායේදීය. ට‍්‍රක්රියේ රියැදුරු සහ සහායක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් ටොන් 15 ක පොටෑසියම් ක්ලෝරේට් තොගයක් ප‍්‍රවාහරන කරමින් සිටියදීය.
පොටෑසියම් ක්ලෝරේට් යොදා ගැනෙන්නේ බෝම්බ නිපදවීමටය. ඒවා ප‍්‍රවාහනය කරමින් තිබුණේ අර්තාපල් පෙට්ටි අතරේ සඟවමිනි.
ට‍්‍රක් රියේ රියැදුරු සහ සහායකගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු ක්වෙටා නුවර ඔවුන්ගේ බෝම්බ ගබඩාව සොයා එය වැටලීමට ආරක්ෂක අංශ සමත් වූ බව හමුදා කර්නල් මේජර් මක්බූල් ෂා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
වැටලීමේදී ගිනි අවි තොගයක් ද ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.
බෝම්බ ගබඩාව වැටලූ අවස්ථාවේදී තවත් පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශ සමත් වී ඇත.
එම පිරිස ‘ලෂ්කාර් ඊ ජංග්වී’ නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ සාමාජිකයන් යැයි අනුමාන කෙරේ. පාකිස්තානයේ බෝම්බ පුපුරුවා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නෝ ‘ලෂ්කාර් ඊ ජංග්වී’ සටන්කාමීහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුර නැද්ද ? (දී)
මේවයින් වැඩි කොටසක් පාවිච්චි වෙන්නේ තමන්ගේම ආගම අදහන තමන්ගේම මිනිස්සු මරා ගන්න..ඒ වුනාට හැමෝම පෙනී ඉන්නෙත් ආගම වෙනුවෙන්..දවසට හත් පාරක් ආගම අදහන මිනිස්සු මේ තරම් දරුණු වෙලා තියෙන්නේ ආගමේ වැරැද්දෙන්ද නැත්නම් එක දේශනා කරන අයගේ වැරැද්දෙන්ද කියන එක නම් වටහා ගන්න බැහැ.. (ස)