IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


පාකිස්තාන නව රජය දිවුරුම් දෙයි

පාකිස්තානයේ ඉකුත් මැයි 11 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක නවාස් ෂරීෆ්ගේ නව රජය දැඩි ආරක්ෂක විධිවිධාන මැද, පෙරේදා (1) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.
දිවුරුම්දීම සිදු වුණේ පාර්ලිමේන්තුවේදී කතා නායිකා ෆෙමිදා මිර්සා ඉදිරියේය.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටකර විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු අතර, දිවුරුම් දෙන කාලසීමාව තුළ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඉහළ අහස ගුවන් තහනම් කලාපයක් ලෙස ද නම් කෙරුණි.
තලේබාන් හෝ වෙනත් ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේ අරමුණින්, ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා ද සීරුවෙන් තැබුණු බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
14 වසරකට පසු, තෙවනි වරටත් අගමැති ධුරයට පත් නවාස් ෂරීෆ්, ඔහුගේ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ රට පෙරට ගෙන යෑමට අවංකව කැපැවී කටයුතු කරන ලෙසටය.
පාකිස්තානයේ 66 වසරක ඉතිහාසයේ හමුදා කුමන්ත‍්‍රණයකින් තොරව, සිවිල් රජයක් තම පාලන කාලය අවසන් කර, මහ මැතිවරණයකින් පසු තවත් සිවිල් රජයක් පාලනය බාර ගැනීම සිදුවූ ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.
නව අගමැති ෂරීෆ් සහ ඔහුගේ රජයට අභියෝග රැසක් එල්ල වී ඇති අතර ඉන් ප‍්‍රධාන අභියෝග වන්නේ තලේබාන් සටන්කාමීන්ගෙන් එල්ල වන තර්ජන පිටුදැකීම සහ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමය.
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පවත්වා, ඔවුන් සමඟ පවතින අර්බුදයට සාමකාමී දේශපාලනමය විසඳුමක් සෙවීමට නවාස් ෂරීෆ් කැමැත්ත පළ කර ඇත.
සාම සාකච්ඡා සඳහා තමන් ද කැමැති බව තලේබාන් සංවිධානය පවසා ඇතැයි වාර්තා වේ.
රටේ පවතින බලශක්ති අර්බුදයට වසර 3 ක් ඇතුළතදී විසඳුමක් ලබා දීමටත්, නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කිරීමටත් ෂරීෆ් ජනතාවට පොරොන්දුවක් ලබා දී ඇත. එපමණක් නොව, මහ මැතිවරණයේ දී ඔහුට අභියෝගයක් වූ ඉම්රාන් ඛාන් සමඟ එක් වී කටයුතු කරන බව ද ෂරීෆ් පවසා ඇත.

නව අගමැති නවාස් ෂරීෆ් (වමේ) ප‍්‍රමුඛ ඇමැතිවරුන් දිවුරුම් දෙමින්...

 



අදහස් (0)

පාකිස්තාන නව රජය දිවුරුම් දෙයි

මාලක Monday, 03 June 2013 10:00 AM

අර ජාතික අඩුම කියලා රෙදිකෑලි ඇගේ ඔතාගෙන රැවුල අඩියක් විතර වවාගෙන ඉන්න අය අපි ඕනෑ තරම් දකිනවා මැද පෙරදිග. එහෙම අය එහෙ පාර්ලිමේන්තුවේ නැහැ වගේ. (නි)

:       0       0

උපාලි Monday, 03 June 2013 10:41 PM

මාලක,කථාව නම් මරු. (නි)

:       0       0

සාලිය වික්‍රමසුරිය Tuesday, 04 June 2013 12:44 AM

මාලකගේ කතාව හරි තමයි. එහෙම අය පේන්න නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15773 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site