පාකිස්තානයේ කරච්චි නුවර නීතීඥවරයෙක් ද ඔහුගේ පුත්තු දෙදෙනාද ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූහ.
කොසාර් සක්ලේන් නමැති එම ෂියා මුස්ලිම් නීතීඥවරයා, අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවුණු ඔහුගේ පුතුන් දෙදෙනා ඊයේ (28) උදෑසන පාසලට රැගෙන යද්දී වෙඩි ප‍්‍රහාරයට ලක් වී ඇතැයි පොලිසිය පවසයි. වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරු පැදි දෙකකින් පැමිණි සිවු දෙනකු විසින් යැයි ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී. ඝාතනය ගැන පොලිස් පරීක්ෂණ ද කඩිනමින් ආරම්භ වී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදි වැඩක්ද ? (ස)
පොඩි උන් දෙන්නත් මැරුවේ මොන එකකටද අප්පා. (ස)
ලංකාව හොදයි. (ස)
පිස්සුද ලංකාව ඊට අන්තයි. (ස)
මම හිතුවේ ලංකාවේ විතරයි මිනි මරණ එක තියෙන්නේ කියලා
මුස්ලිම් කොතනද එතන සාමයක් නැත (නි)
පාකිස්ථානයේ හැමදාම මිනි මරනවා. (නි)