IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන ජනපති සර්දාරිගේ ආරක්ෂක ප‍්‍රධානියා මරා දැමේ

පාකිස්තානයේ වෙළෙඳ අගනුවර වන කරච්චියේ ඊයේ (11) සිදුවුණු බෝම්බ පිපිරීමකින්, ජනපති අසීෆ් අලී සර්දාරිගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී බිලාල් ෂයීක් ඇතුළු තවත් ආරක්ෂක අංශ නිලධාරීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ බිලාල් ෂයීක් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් ගමන් කළ මෝටර් රථ පෙළටය.
පොලිසිය ප‍්‍රකාශ කළෙ අධි බලැති එම බෝම්බය මාර්ගය අසල අටවා තිබූ බවත්, බිලාල් ෂයීක් සහ පිරිස රැගත් මෝටර් රථය ඒ අසලින් යද්දී, බෝම්බය පුපුරුවා හැර ඇති බවත්ය.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගෙන නැත. කරච්චි ආරක්ෂක අංශ මෙන්ම ජනපති සර්දාරිගේ පාකිස්තාන ජනතා පක්ෂය ද චෝදනා කරන්නේ එය තලේබාන් සටන්කාමීන්ට හිතවත් සටන්කාමී කල්ලියක් විසින් සිදු කරනු ලැබ ඇති බවය.
ප‍්‍රහාරයෙත් තවත් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන් මඟ දෙපස සහ මාර්ගයේ ගමන් කරමින් සිටි අය යැයි පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
කරච්චියේ ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැුඹුණේ, මීට වසර කිහිපයකට පෙර ය. පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසු එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.
එහෙත් මීට සති දෙකකට පෙර, පාකිස්තානයේ සින්ද් දිස්ති‍්‍රක්ක විනිසුරුවරයකු ගමන් කළ රථ පෙළකට ද මේ අයුරින්ම කරච්චි නුවරදී බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය.
ඊයේ සිදුවුණු එම බෝම්බ ප‍්‍රහාරය තමන් තරයේ හෙළා දකින බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත. කරච්චි පොලිසිය කියා සිටියේ ප‍්‍රහාරය ගැන පරීක්ෂණ දිගටම පැවැත්වෙන බවය.
පාකිස්තාන හමුදාව, පාකිස්තානයේ තලේබාන් සටන්කාමීන් සමඟ සටන් ආරම්භ කළේ 2001 වසරේ දී ඇමෙරිකාව ආරම්භ කළ ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමෙරිකාවට සහාය පළ කරමිනි.
පාකිස්තාන හමුදාව තලේබාන් සටන්කාමීන්ට දිගට හරහට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරද්දී පවා, තලේබාන් හිතවාදී සටන්කාමීහු පාකිස්තානයේ නොයෙක් නොයෙක් පළාත්වල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරති.
තලේබාන් සටන්කාමීන්ගේත් ඔවුන් හිතවත් වෙනත් සටන්කාමීන්ගේත් ප‍්‍රහාර හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් දහස් ගණනකට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවී ඇත. එපමණක් නොව, එම ත‍්‍රස්ත කි‍්‍රයා හේතුවෙන් බොහෝ දෙනකුට උන්හිටිතැන් ද අහිමි වී ඇත.



අදහස් (0)

පාකිස්තාන ජනපති සර්දාරිගේ ආරක්ෂක ප‍්‍රධානියා මරා දැමේ

රිස්වාන් Friday, 12 July 2013 02:57 PM

දෙවියන්ගේ කැමැත්ත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site