IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාකිස්තාන අගමැති ලෙස නවාස් ෂරීෆ් දිවුරුම් දෙයි

පාකිස්තානයේ ඉකුත් මැයි 11 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක නවාස් ෂරීෆ් එරට නව අගමැතිවරයා ලෙස ඊයේ (5) දිවුරුම් දුන්නේය.
ෂරීෆ්ගේ දිවුරුම් දීම නිමිත්තෙන් ඉස්ලාමාබාද් අගනුවර විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද කි‍්‍රයාත්මක වී තිබුණි. ෂරීෆ්, පාකිස්තාන අගමැතිවරයා ලෙස පත් වූයේ තෙවැනි වරටය.
නව අගමැති ෂරීෆ්ට අභියෝග රැුසක් එල්ල වී ඇති අතර ඉන් ප‍්‍රධාන අභියෝග වන්නේ තලේබාන් සටන්කාමීන්ගෙන් එල්ල වන තර්ජන පිටුදැකීම සහ කඩා වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමය. ෂරීෆ් තලේබාන් සංවිධානය සමඟ ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන අයකු බව ප‍්‍රකටය.
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පවත්වා, ඔවුන් සමඟ පවතින අර්බුදයට සාමකාමී දේශපාලනමය විසඳුමක් සෙවීමට නවාස් ෂරීෆ් කැමැත්ත පළ කර ඇත. සාම සාකච්ඡුා සඳහා තමන් ද කැමැති බව තලේබාන් සංවිධානය පවසා ඇතැයි පසුගිය දා වාර්තා විය.
රටේ පවතින බලශක්ති අර්බුදයට වසර 3 ක් ඇතුළතදී විසඳුමක් ලබා දීමටත්, නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කිරීමටත් ෂරීෆ් ජනතාවට පොරොන්දු වී සිටී.
ෂරීෆ්ගේ රජයේ ඇමැතිවරුන් දිවුරුම් දීම සිදුවුණේ ඉකුත් පළමුවැනිදාය. එම අවස්ථාවේදී ද පාකිස්තාන පාර්ලිමේන්තුව ආශි‍්‍රත කලාපයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරුණි.



අදහස් (0)

පාකිස්තාන අගමැති ලෙස නවාස් ෂරීෆ් දිවුරුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site