ඊශ්‍රායල සංචාරයක් අවසන් කරමින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක හා කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ සහයෝගීතාව ගැඹුරු කිරීම සදහා පොරොන්දු වූ බවය.

මෝදි සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ නිදහස් වෙළඳ ගිවිසුමක් අනුගමනය කිරීම සඳහා තම රටවල් කටයුතු කිරීමට සූදානම් බවය.

මෙහිදී සයිබර් ආරක්ෂාව, වෙළඳාම, අභ්‍යවකාශ ගවේෂණය, අධ්‍යාපනය, ආයෝජන, කෘෂිකර්මාන්තය සහ ආර්ථික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික ගිවිසුම් රැසකටද අත්සන් තබා ඇත.