ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ උමං දුම්රිය ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 13 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මාධ්‍ය වාර්තා අනුව, වෙඩි තැබිම සිදුවූ බව පැවැසෙන්නේ සන්සෙට් පාක් 36 ස්ට්‍රීට් ස්ටේෂන් උමං දුම්රිය ස්ථානයේය. වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 8.30 ට පමණය. වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ මහත් කලබලයක් ද හටගත්තේය.
නිව්යෝක් පොලිසිය ජනතාව දැනුවත් කළේ උමං දුම්රිය ගමන් බිමන් වහා නවත්වන ලෙසත්, සන්සෙට් පාක් 36 ස්ට්‍රීට් ස්ටේෂන් උමං දුම්රිය ස්ථානයට යෑමෙන් වළකින ලෙසත්ය. වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ දුම්රිය ගමන් තාවකාලිකව අඩපණ වූ බව ද පැවැසෙයි.
වෙඩි තැබීම කළ සැකකරු බෝම්බයක් ද පුපුරුවා හැර ඇති බවත්, එය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යැයි තමන් සැක කරන බවත් නිව්යෝක් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නිව්යෝක් පුරපති එරික් ඇඩම්ස් දුරකතනයෙන් අමතා සිද්ධිය ගැන විමසා බැලූ බව ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිව්යෝක් නුවර වෙඩි තැබීමක්