
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙනි.
නව පාප්තුමා ලෙස තෝරා ගනු ලැබුවේ, 69 හැවිරිදි රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල්තුමන්ය. රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට් ඇමෙරිකන් කාදිනල්වරයෙකි. රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට්, පාප් ධුරයට පත් වූයේ 14 වැනි ලියෝ පාප්තුමා ලෙසය.
ඇමෙරිකන් කාදිනල්වරයකු පාප් ධුරයට තේරී පත්වුණු පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකානුවකු වුවත්, රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට් සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කර ඇත්තේ ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේය.
නව පාප්තුමන් කවුරුන්දැයි දැක ගැනීමට දස දහස් ගණනක් ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටියහ. 14 වැනි ලියෝ පාප්තුමා ලෙස රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට්, ශාන්ත පීතර බැසිලිකාවේ සඳලු තලයට පැමිණ පහළ රැස්ව සිටි පිරිසට අත වනවමින් ඔවුන් ආමන්ත්‍රණය කළේය. රැස්ව සිටි පිරිසට ආශිර්වාද කිරීමට ද අමතක නොකළේය.
14 වැනි ලියෝ පාප්තුමා ශාන්ත පීතර චතුරස්‍රයේ සිටි පිරිසට අත වැනුවේ, නව පාප්තුමකු තෝරා ගත් බව දැනුම් දී පැයකට පමණ පසුවය. මධ්‍යස්ථමතධාරියකු ලෙස සැලකෙන 14 වැනි ලියෝ පාප්තුමා, 267 වැනි පාප්තුමාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! ජයවේවා!! සාදුකින් පෙලෙන වුන් දැන් ඉතින් නැගිටියව්...!
ට්‍රම්ප් උඩ පනිනනවා, දැන් ලෝක බලවතාට තවත් ලේසියි. යුරෝපයේ රටවල්වලට වුණත් දැන් බලපෑම් කරන්න පුළුවන් ඇමරිකාවට.
සුබ පැතුම් 14වන ලියෝ පාප්තුමනි
අප්පේ ලොකු දෙයක් ඒක. නැත්තන් අපේ එකා ආවා නම් ලෝකෙ හැමෝම මාලිමාවට ඡන්දේ දෙන්න කියයි. සමහර විට වතිකානුවෙත් මාලිමාවේ ශාඛාවක් දානවා. එච්චරටම දේශපාලන වහලෙක් වෙලා.