නෝර්වේ රාජ්‍යයේ පෙරේදා (09) පැවැති මහ මැතිවරණයෙන් වසර අටක් නෝර්වේ පාලනය කළ කම්කරු පක්ෂය පරාජයට පත්විය.
කන්සර්වේටිව් පක්ෂය සහ දක්ෂිණාංශික සන්ධානය විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වත්මන් අගමැති කම්කරු පක්ෂ නායක ජෙන්ස් ස්පොල්බන්ඩර්ග් පරාජයට පත්වූ අතර කන්සර්වේටිව් පක්ෂයේ නායක එර්නා සෝල්බර්ග් ජය ලැබීය. ඡුන්ද ගණන් කිරීමේ වට තුනම අවසානයේදී පාර්ලිමේන්තුවේ ආසන 169 න් 96 ක් පක්ෂ හතරකින් සමන්විත මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය දිනාගත් අතර, සෝල්බර්ග්ගේ පක්ෂ තුනක හවුල ආසන 72 ක් දිනාගන්නා ලදී. එක් ආසනයක් ස්වාධීන පාරිසරක කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

නොර්වේජියානු පාර්ලිමේන්තු සාම්ප‍්‍රදායට අනුව ලබන ඔක්තෝම්බර් 14 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු තමන් අගමැතිධුරයේ වැඩ බාරගන්නා බව එර්නා සෝල්බර්ග් මාධ්‍යට කීවාය.

එසේම මෙම මහ මැතිවරණයේ  ප‍්‍රධාන මාතෘකාව වූයේ ලොව විශාලතම ස්වාධීන අරමුදල වන නෝර්වේජියානු තෙල් අරමුදල නිසි ලෙස පරිහරණය කරන බවට තිබූ මතවාදයි. නෝර්වේජියානු තෙල් අරමුදලේ වටිනාකම ඩොලර් බිලියන 750 කි.

 

ජයලැබූ ප‍්‍රධාන විපක්‍ෂයේ නායිකා එර්නා සෝල්බර්ග්