IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නෝර්වේ මහ මැතිවරණයෙන් විපක්‍ෂ සන්ධානයට විශිෂ්ට ජයක්

නෝර්වේ රාජ්‍යයේ පෙරේදා (09) පැවැති මහ මැතිවරණයෙන් වසර අටක් නෝර්වේ පාලනය කළ කම්කරු පක්ෂය පරාජයට පත්විය.
කන්සර්වේටිව් පක්ෂය සහ දක්ෂිණාංශික සන්ධානය විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වත්මන් අගමැති කම්කරු පක්ෂ නායක ජෙන්ස් ස්පොල්බන්ඩර්ග් පරාජයට පත්වූ අතර කන්සර්වේටිව් පක්ෂයේ නායක එර්නා සෝල්බර්ග් ජය ලැබීය. ඡුන්ද ගණන් කිරීමේ වට තුනම අවසානයේදී පාර්ලිමේන්තුවේ ආසන 169 න් 96 ක් පක්ෂ හතරකින් සමන්විත මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය දිනාගත් අතර, සෝල්බර්ග්ගේ පක්ෂ තුනක හවුල ආසන 72 ක් දිනාගන්නා ලදී. එක් ආසනයක් ස්වාධීන පාරිසරක කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

නොර්වේජියානු පාර්ලිමේන්තු සාම්ප‍්‍රදායට අනුව ලබන ඔක්තෝම්බර් 14 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු තමන් අගමැතිධුරයේ වැඩ බාරගන්නා බව එර්නා සෝල්බර්ග් මාධ්‍යට කීවාය.

එසේම මෙම මහ මැතිවරණයේ  ප‍්‍රධාන මාතෘකාව වූයේ ලොව විශාලතම ස්වාධීන අරමුදල වන නෝර්වේජියානු තෙල් අරමුදල නිසි ලෙස පරිහරණය කරන බවට තිබූ මතවාදයි. නෝර්වේජියානු තෙල් අරමුදලේ වටිනාකම ඩොලර් බිලියන 750 කි.

 

ජයලැබූ ප‍්‍රධාන විපක්‍ෂයේ නායිකා එර්නා සෝල්බර්ග්

 



අදහස් (0)

නෝර්වේ මහ මැතිවරණයෙන් විපක්‍ෂ සන්ධානයට විශිෂ්ට ජයක්

ද සිල්වා බෙර්ලින් Wednesday, 11 September 2013 01:11 PM

මොවුන් පැරදුන එක හොඳයි. නිතරම බැලුවේ කොටිත් එක්ක එකතුවෙලා අපිව අමාරුවේ දමන්න. අලුත් මිනිස්සුන්ගේ කෙරුවාව බලාගන්න පුළුවන් තව මාස තුන හතරකින් විතර, කොහොම නමුත් ආණ්ඩු මාරු වුනාට මේ රටවල විදේශ ප්‍රතිපති විශාල වශයෙන් වෙනස් වේවී කියලා හිතන්න බැහැ. (ස)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 11 September 2013 01:32 PM

කොටි හිතවාදී රජය ගියා . ඔබට මගේ සුබ පැතුම් එර්නා සෝල්බර්ග් මැතිනියනි . ඔබටවත් ත්‍රස්තවාදීන් හඳුනා ගන්න පුළුවන් වුනොත් ඇති. (ස)

:       0       0

වරුණ Wednesday, 11 September 2013 10:15 AM

කෝ අර සෝල්හයිම කොහෙද දැන් හැංගිලා ඉන්නේ අපේ කට්ටියගෙන් කොපි කරලා අනෙක් පැත්තට පනීද දන්නේ නැහැ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site