වෘකයකුට තම බැටලූ රැල බලා කියා ගැනීමේ වගකීම පැවරූ පුද්ගලයෙක් ගැන වාර්තා වන්නේ පෝලන්තයේ සිටී.
වනයේ සිට හමුවී ඇති මේ වෘකයා බල්ලෙකු යැයි සිතා ඇති මේ පුද්ගලයා ඌව නිවසට රැගෙන විත් ඇත්තේ අනාගතයේදී තම බැටලූ රැල බලා කියාගැනීමේ වගකීම පවරා දීමටය.
නමුත් සෑම රාති‍්‍රයකම ‘‘බල්ලා‘‘ උඩු බුරන්නට පටන් ගැනීම නිසා මේ බල්ලෙකු නොව වෘකයෙකු යැයි සොයාගැනීමට ඔහුට හැකිය .
වහාම පොලිසිය අමතා ඇති ඔහු බල්ලෙකු යැයි සිතූ වෘකයාව ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබේ.
බල්ලකුගෙන් වෘකයෙකු හදුනාගත නොහැකි වීම නිසා තමන් අසල්වැසි සියලූ දෙනාගේම විහිළුවට ලක්ව ඇති බව ඔහු කියන්නේ ලැජ්ජාවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් මීට වසර 13 කට පමණ පෙර දර කපන කෙනෙකුට, නරි පැටව්, 4 දෙනෙක් හමුවෙලා. උන්ගේ ලස්සනට ගමට ගෙනවිත් බයිසිකලේ පෙට්ටියක බැදන් ගිහින්. සිදාදියේ වත් පොහොසත් අදුරන කාන්තාවකට විකුණලා. ඒ කාන්තාව පැටව් 4 දෙනාම අරන් රු ,3000,ක් දීලා. මැදියම් රැයේ සියල්ලම නින්දෙන් බයවෙලා. යට තට්ටුවෙන් ගේ දෙකක් වෙන්න නරි හු කියන හඩට. පසුව සියල්ල වැටහෙන විට මගේ නෑදෑ සොහොයුරියට උන දේ එසැනින් සමහර විට දැන් දකීවි.(නදී)
දිසානායක මාමේ, මම ඔබ වගේ අවස්ථාවාදියෙක් නොවේ (නි)
පොලීසියට බාරදීල තියෙන්නෙ හොද තැනකින් බලල කසාදයක් බන්දල දෙන්නනෙ. (දී)
පොලීසියට බාරදීල තියෙන්නෙ හොද තැනකින් බලල කසාදයක් බන්දල දෙන්න නෙ. (දී)
සරත් මහත්තයෝ, ඒ වුනාට දැන් නම් මුළු ලංකාවම දන්නවා ඇත්ත. (නි)
රූපවතිලගේ පවුලේ අය හත් පොලේ ගා ගත්ත උදවිය නේද? ඒකනේ ඔය ලොකු කමට කිවේ. රූපවතිගේ සැමියාට හිතෙනවා ඇති එයා කරකාරේට ගත්තේ නරි දෙනෙක් කියලා.(නදී)
හොද වෙලාවට දැනගත්තේ !!! නැත්නම් උබත් සුන්.., මමත් සුන්.(නදී)
ඇත්ත නේන්නම් සරත්.(නදී)
ලස්සන සතෙක්.(නදී)
ලස්සන වෘකයෙක් (නි)
මොනවා වුණත් ලස්සන වෘකයෙක් (නි)
නොගැලපෙන උපහැරණ දාන්න එපා.. සිංහල භාෂාවේ උපහැරණ සකස් වී තිබෙන්නේ සිදුවීමකට අනුවය. මේ කතාවේ දී වෘකයෙකු යයි රැවටීමක් සිදුවී ඇත.(නදී)
ෂෝක් අනේ මෙයා නම්. මට ආසාවේ බැහැ (නි)
ඔයගොල්ලෝ දන්නේ නැද්ද බල්ලා පැවත එන්නේ වෘක පරම්පරාවෙන් බව? (නි)
අපිට වෙන්නෙත් ඕකමනේ ඡන්දෙ දීල දිනුවට පස්සේ බැලින්නම් මනුසතා නෙමෙයි වෙන සතෙක් (දී)
මෙච්චර කාලෙකට කිව්වේ නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ කියලනේ. දැන් ඔන්න අලුත් කතාවක් වෘකයාට බැටළුවන් බාර දුන්නා වගේ.(නදී)
මොකා උනත් මේ සතා නම් හරි ලස්සනයි. (අ)
මම හිතුවේ මේ කියන්නේ ඇමරිකාවට ලෝක සාමය බාර දීලා කියලද?(නදී)
වෘර්කයා කොහොමත් ලස්සනයි තමයි (දුර සිට බලන කල). (දී)
රූපවතී, නරි පෙට්ටි විකුණලා තියෙන්නේ ඇල්සේෂන් බලු පැටව් කියලා. (නි)
ඒ වුනාට අයි මෙයාව පොලිසියට බාර දුන්නේ? පොලිසියට බැඳුනත් ඌ වෘකයමනේ. වෙන රටකින් ආදර්ශයක්වත් අරන්ද? (දී)
නුවර එළියේ නරි විකුනනවා බල්ලෝ කියලා (දී)
අපේ රටේ හුඟක් තැන්වල නරින්ට බොකු භාර දීල තියෙනවා. ඔය පාඩු ලබන රාජ්‍ය ආයතනවලට එහෙම වෙලා තියෙන්නේ ඒකනේ.(නදී)