තට්ටු නිවාසයක සිව්වැනි මහලේ සිටි හිවලකු පිළිබඳ වාර්තා වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරිනි.

ජෝ විලියම්ස් (40) සහ ඇගේ හය හැවිරිදි දියණිය පමණක් එදින රාති‍්‍රයෙහි නිවසෙහි සිටියහ.

දියණියගේ කාමරය අසල කාමරයෙහි සිටි විලියම්ස්ට දියණියගේ කාමරයෙන් අමුතු ශබ්දයක් ඇසී තිබේ. ඇය වහා දියණියගේ කාමරයට ගොස් බැලූ විට දියණියගේ ඇඳ උඩ සිටි හිවලකි.නිදා ගෙන සිටි තම දියණියගේ මුහුණ, කට එම හිවලා ලෙවකනු ඇය දිටීය.

දුටු දෙයින් ඇයට විශාල බියක් ඇති වූවත් දියණිය බේරා ගැනීමට ඇය මහත් වෙහෙසක් දැරීමට සිදු වීය.  අසල්වැසියකුගේ උදව් ඇතිව පැය කිහිපයක් වෙහෙස දරා හිවලා ගෙයින් එළියට දමා තිබේ.

මුහුණේ වියළි බව නැති කිරීමට පළතුරු රසැති කී‍්‍රම් වර්ගයක් මුහුණේ තවරා තිබීම නිසා හිවලා ඇගේ මුහුණ ලෙව කන්නට ඇතැයි ඇගේ මව විලියම්ස්  කියයි.

මීට පෙරත් අවස්ථාවන් කිහිපයකදීම හිවලූන්ගෙන් තුවාල ලැබූ කුඩා දරුවන් පිළිබඳ ලන්ඩන් නගරයෙන් වාර්තා වී ඇත. හිවලූන් නගරයට ඒමට හේතුව නගර වැසියන් ලබා දෙන ආහාර වලට ඔවුන් පුරුදු වී සිටීම බව බලධාරීන් සඳහන් කරයි.