‘නාරී’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (14) පිලිපීනය පසුකර වියට්නාමයට කඩා වැදුණේය.
සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට වියට්නාම කාලගුණ බලධාරීන්ට හැකි වූ නිසා, වෙරළාශි‍්‍රතව ජීවත් වූ 60,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනිණ.
සුළි කුණාටුවෙන් වැඩිපුර බලපෑම් එල්ල වූයේ, තුවා තියෙන් හුයේ සහ ඩා නැන්ග් නමැති වෙරළාශි‍්‍රත පළාත්වලට යැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
හටගත් ජල ගැලීම් හේතුවෙන් ගම්මාන සහ කුමුරු රැසක් ජලයේන යට වී ගියේය. සිදුවුණු හානිය මෙතෙක් ගණන් බලා නැත. 15 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ද ඊයේ සවස් වනවිට වාර්තා විය.
අනාරක්ෂිත ප‍්‍රදේශවල පදිංචිකරුවන්, මේවනවිට ප‍්‍රජා ශාලා සහ පාසල්වල රැඳී සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබා දීමට රජය පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. සහනාධාර ලබා දීමට හමුදාවේ ද සහාය ලබා ගෙන ඇතැයි ද පැවැසෙයි.
සෑම වසරකම ප‍්‍රබල සුළි කුණාටු 10 ක් වියට්නාමයට කඩා වදී. ඉකුත් සැප්තැම්බරයේ සිට කඩා වැදුණු සුළි කුණාටු හේතුවෙන් 40 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි වියට්නාම බලධාරීහු කියා සිටිති.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘නාරී’ සුළි කුණාටුව වියට්නාමයට කඩා වදී