රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ.
බටහිර විශ්ලේෂකයන් අනතුරු අඟවමින් පවසා ඇත්තේ, රුසියාවත් යුක්රේනයත් අතරේ හටගත් යුදමය තත්ත්වය තෙවැනි ලෝක යුද්ධය දක්වාත්, න්‍යෂ්ටික යුද්ධයක් දක්වාත් දුරදිග යනු ඇති බවය.
යුක්රේනය චෝදනා නගන ආකාරය තෙවැනි ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇත.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මේ වනවිට මාසයක කාලයක් ගත වී තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට න්‍යෂ්ටික බලඇණි සීරුවෙන් තැබීමට ද අණ දී තිබේ. ඒ පසුගිය පෙබරවාරි 28 වැනිදාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න කළොත් වැඩක් පුටින් මහත්තයෝ. නියමයි. රුසියාව කාගේවත් රටවල අභ්‍යන්තර වැඩවලට ඇඟිලි ගසන රටක් නොවෙයි. එම නිසා ඔබලාට කරදර කරන්න ආවොත් පරමාණු යුද්ධයක් ආරම්භ කරන්න මගේ කිසිම විරුද්ධත්වයක් නැත.
එක එක්කෙනාගේ මනෝ විකාර... මේවා ලෝකය තුළ සාමය තරම් වටිනා අවියක් තවත් නැහැ. මේක උමතුවෙන් කරන විනාශයක්... පුටින් කියන්නේ හිට්ලර්ගේ අවතාරයක්... තම ජාතිය පමණයි, තම රට පමණයි කියලා හිතන මිනිස්සු කවදා හරි මහපොළව සුන්නත්ධූලි කරලා දායි. න්‍යෂ්ටික අවිවල බරපතලකම නොදන්න අය ඒවට උදව් දෙන්නේ..