මිනිස් මවක් සිය දරුවකුට මව්කිරි දිය යුතුයැයි වෛද්‍යවරුන් පවසන ආකාරයටම අදින් වසර ලක්ෂයකට පෙරාතුව මිහිමත විසූ නියැන්ඩතාල් මව්වරු ද සිය දරුවන්ට කිරි දී ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝර්ක් මවුන්ට් සිනායි වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය මානිස් අරෝරා ප්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් කියති.
ඔවුන් මේ බව පවසන්නේ බෙල්ජියමේ ලෙනකින් හමුවූ වයස අවුරුදු 10 ත් 12 ත් අතර වයසේ යැයි සිතිය හැකි ළමයකුගේ දතක් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකිනි. මේ දරුවා අදින් වසර ලක්ෂයකට පමණ පෙරාතුව දිවි ගෙවා ඇති අතර නියැන්ඩතාල් මානවයාගේ දරුවෙක් බව තහවුරු කරනගන ඇත.
මෙම දරුවාගේ චාර්වක දතක් සියුම් ලෙස පරීක්ෂා කළ විද්‍යාඥයන් කියා සිටින්නේ එහි එනැමලයේ බේරියම් තැන්පත් වී ඇති ආකාරය අනුව ඔහුගේ මව මුල් මාස හතේ දී තම කිරි පමණක් දරුවාට ආහාරයට දී ඇති බවයි. ඉන් අනතුරුව තවත් මාස හතක් වෙනත් ශාකමය ආහාර සමග මව් කිරි ලබාදී අනතුරුව කිරි දීම නවතා දමා ඇතැයි ද ආචාර්ය අරෝරා පවසයි.
නූතන වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ මාස හතරක කාලයක් මව්කිරි පමණක් ලබාදීම වඩාත් සුදුසු බවයි. නමුත් අදින් වසර දහයකට පමණ කාලයක සිට වෛද්‍යවරුන් පවසන්නේ මාස හයක් ගතවනතුරු මව්කිරි පමණක් දිය යුතු බවයි. එම කාලයෙන් පසු අමතර ආහාර සමග මව්කිරි දීම සුදුසු බව ද වෛද්‍ය නිර්දේශයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පල්ලියක් හාරලා ඇට කටු ටිකක් හොයා ගත්තම රටම දෙවනත් කල පුරාජේරු කාරයන්ට හිතෙනවද මේකත් ලංකාවේ තිබුනා නම් කියලා.(නදී)