නයිජීරියාවේ නේවාසිකාගාර පාසලකට පෙරේදා (30) අලූයම බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමී සංවිධානයෙන් ප‍්‍රහාරයක් එල්ල වූ අතර එම ප‍්‍රහාරයන් සිසුහු 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප‍්‍රහාරය එල්ල වූයේ වයඹදිග නයිජීරියාවේ ගුජ්බා නගරයේ නේවාසිකාගාර පාසලටය. ප‍්‍රහාරයේ වගකීම ද බෝකෝ හරාම් සංවිධානය විසින් බාර ගනු ලැබ ඇත.
බොකෝ හරාම් යනු අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන ඉස්ලාමීය ත‍්‍රස්තවාදී සංවිධානයක් යැයි ඇමෙරිකාව කියා සිටී.