2013 වර්ෂය වෙනුවෙන් නොබෙල් ත්‍යාගලාභීන්ගේ කවුරුන්දැයි ලබන 11 වැනිදා ප‍්‍රසිද්ධ කිරීමට නියමිත අතර මෙවර නොබෙල් සාම තයාගය වෙනුවෙන්, බාලිකා අධයාපනය වෙනුවෙන් හඬ නගන පාකිස්තානයේ මලාලා යූසොෆ්සායි දැරිය ද ඇතුළුව, 259 දෙනකුගේ නම් ඉදිරිපත් වී තිබේ.

නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් වැඩියෙන්ම නම් ඉදිරිපත් වූයේ මෙම වසරේ වීම සුවිශේෂි සිදුවීමක් යැයි නොබෙල් කමිටුව කියා සිටී.

මලාලාට අමතරව සිරියානු අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට මැදහත්වී කටයුතු කළ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ද සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඊට අමතරව ඇමෙරිකා රහස් ලොවට හෙළි කළ ඇමෙරිකානු සෙබළ බ‍්‍රැඞ්ලි මැනිං මෙන්ම විකිලීක්ස් වෙබ් අඩවියේ සංස්කාරක ජුලියන් ඇසේන්ජ් ද සිටිති.

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් මේ වසරේ නොබෙල් තෑග්ග හිමිවන්නේ කවුරුන්ටදැයි පසුගිය 8 වැනිදා නොබෙල් කමිටුව ප‍්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව, වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිවැමෙන නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනෙකු අතරේ සමව බෙදී යයි. ජේම්ස් ඊ රොත්මන්, රැන්ඩි ෂෙක්මන් සහ තෝමස් සුඩොෆ් යනු ඔවුන් තිදෙනාය.

ජේම්ස් ඊ රොත්මන්, රැන්ඩි ෂෙක්මන් ඇමෙරිකානු ජාතික විද්‍යාඥයන් වන අතර, තෝමස් සුඩොෆ් ජර්මන් ජාතික විද්‍යාඥයෙකි. මොවුන්ට නොබෙල් ත්‍යාගය හිමිවන්නේ මිනිස් සිරුරේ ෙසෙල ආශ‍්‍රයෙන් සිදුකළ නව සොයා ගැනීම් ඇගයීමට ලක් කරමිනි.