IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නේපාලයේ මහා නාය යෑමක්: 22 ක් පණපිටින් වැළැලෙති


නේපාලයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන්, එරට බටහිර කඳුකරබද ප‍්‍රදේශවල ගම්මාන දෙකක් ඊයේ (20) නායයෑමට ලක් වූ අතර, ගම් වැසියෝ විසි දෙදෙනෙක් පණ පිටින් වැළැලූණහ.
පස් තට්ටු යට සිරවුණු පිරිස් සොයමින් ඊයේ සවස් වන තුරු සෝදිසි මෙහෙයුම් සිදුවුවත් නොකඩවා ඇද හැළෙන වර්ෂාව නිසා ඊට බාධා එල්ල වූ බව බලධාරීහු පවසති.
මෝසම් වැසි සමය උදා වීමත් සමඟ මහ වැසි ඇදහැළෙන්න වූ අතර, කාලගුණ විද්‍යා බලධාරීන් ජනතාවට අනතුරු අඟවා ඇත්තේ අවදානම් ප‍්‍රදේශවලින් වහා ඉවත් වන ලෙසය.
බටහිර නේපාලයේ, ගංගා පිටාර ගැලීමෙන් තවත් ගම්මාන 10 ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර ලක්ෂයක පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත.
කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි තෙදින පුරා ද දිගටම මහ වැසි ඇදහැළීමේ අවදානමක් පවතින බවය.
නේපාල රජය පැවැසුවේ විපතට පත් වූවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට ඇමෙරිකන් ඩොලර් 425 ක් (නේපාල රුපියල් 40,000 ක්* ලබා දීමට තීරණය කර ඇති බවය.
විපතට පත්වූවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම කඩිනමින් සිදු කරන බව නේපාල ස්වදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනය කර ඇත. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මාර්ග විනාශ වීමෙන් කොටු වූ පිරිස් බේරා ගැනීමට ගුවන් හමුදාව කටයුතු කළ අතර ඒ සඳහා හෙලිකොප්ටර් යානා ද යොදා ගත් බව නේපාල රජය පවසා ඇත.
මෝසම් වැසි නිසා අසල්වැසි ඉන්දියාවට ද දැඩි බලපෑම් එල්ල වී ඇත. ඉන්දියාවේ සිදුවුණු ජල ගැලීම් සහ නායයෑම්වලින් මියගිය ගණන 140 තෙක් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

නේපාලයේ මහා නාය යෑමක්: 22 ක් පණපිටින් වැළැලෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 180 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site