නින්දේදි ශබ්දනගා ගොරවමින් නිදා ගන්නා පුද්ගලයන් ආඝාත තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව පර්යේෂණකින් හෙළිවි ඇත. පුද්ගලයන් 25,000 ක් යොදා ගනිමින් කරන ලද මේ අධ්‍යයනයේ දී හෙළි වි ඇත‍්තේ එලෙස ගොරවන පුද්ලයන් වැඩි පිරිසකගේ ලේ කැටි ගැසීම් වලට ගොදුරු වන බවයි. එමෙන්ම ඔවුන්ගෙන් සියයට 80ක් හෘදයාබාධ වලට ලක්වන බව ද තහවුරු වී ඇත.
නින්දේදී ගෙරවීම හඳුන්වන්නේ ඇප්නියාව යනුවෙනි. ලොව පුරා ලක්ෂ 30ක පමණ පරිසක් මේ රෝගයෙන් පීඩා විඳිති. පිරිමි හතර දෙනකුගෙන් එක් අයෙක් ද ගැහැනුන් දහයකගෙන් එක් අයකු ද අප්නිවායට ගොදුරු වී ඇත.
තද නින්දට පත්විමේ දී මාංශ පේෂීන් ඉහල්වේ. මේ නිසා බොහෝ දෙනකුට ගැටළු ඇතිවන්නේ නැත. සාමාන්‍යයෙන් ඇනෝපියාව ඇති පුද්ගලයකු හුස්ම ගැනීම තත්ත්පර 10 ට පමණ සිදු නොකරන බව ද පර්යේෂකයන් පවසයි. එවිට සිදුවන්නේ වාතය මෘදු පටක තුළ කම්පනයක් ඇතිකිරීම හේතුවෙන් ගෙරවීමේ ශබ්දය නිකුත්වේ.
මේ සම්බන්ධයෙන් වූ නවතම අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ හෘදය හා මොලයට වන අනතුර වෙද්‍යවරු සිතනවාට වඩා වැඩි බවයි. චීනයේ සැන්ඩොන් සරසවියේ විද්‍යාඥයන් ඔවුන් කලින් කරණ ලද අධ්‍යනය 12 ක ප්‍රතිපල වලින් පෙන්වා දෙනු ලබන්නේ නින්දේදී අධික ලෙස ගොරවන්නන් ආඝාත තත්වයන් ට ගොදුරැ විමේ අවදානම දෙගුණයක් වන අතර සාමාන්‍ය ලෙස ගොරවන්නන් මෙම අනතුරු දායක තත්වයෙන් මිදි සිටින බවයි.
බ්‍රිතාන්‍යය හෘද පදනමේ ජ්‍යෙෂ්ඨ හෙදි තෙන්බි ඉන්කලා පවසන්නේ ඔබට මෙම තත්වය ගැන සැකයක් පවතීනම් ඒ බව වෙද්‍යවරයා සමග පැවසිම සුදුසු බවයි. තරබාරැ අය මෙම හෘදයාබාධ වැළදීම කෙරෙහි සම්බන්ධතාවයක් පවතින බවද ඇය පවසන්නිය. මෙම තත්වයෙන් මිදිමට නම් මොවුන්ගේ ජීවන රටාව ව්‍යායාම කිරිම වැනි ක්‍රියාකාරකමි මගින් වෙනස් කරගත යුතු බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මෝ ... මගේ මහත්තයා තරම් ගොරවන කෙනෙක් නම් තවත් නැතුව ඇති. අපි දෙන්න නිදාගන්නේ කාමර දෙකක. මේ එංගලන්තේ ඉන්න දොස්තරලා කී දෙනෙක්ගෙන් ප්‍රතිකාර කරාද? දෙවියන්ගේ පිහිට තමා පතන්න තියෙන්නේ. අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි..., (ස)
මමත් ගොරවනවා. මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.... (ස)
මම කරටි කැඩෙන්න ගොරවනවා. අපේ පරම්පරාවේ ඔක්කොම අය එහෙමයි. ඕක ආරෙන් එන එකක්. ගොරවන්නේ නැති කෙනෙක් එක පාරට ගොරවන්න ගත්තොත් එතන අවුලක්.(නදී)
නින්දේදී සිහිනෙන් වතුරකට වැටී උඩට එන්න නොහැකිව හුස්ම හිරවීම මෙම රෝගයේ ලක්ෂණයක්ද? (නි)
මේකට ප්‍රතිකාර තියනවද ....? (ස)
ගොඩක් ස්තුතියි, මේවැනි සමාජ සත්කාර තව දුරටත් කිරීමට හැකි වේවා. (නදී)
නින්දෙන් ගොරවන්නේ නැති "තිරිසනුන්ද" සිටින වග මතක තබාගන්න. (නදී)
මම බරටම ගොරවනවා. (ස)
"ලොව පුරා ලක්ෂ 30ක පමණ පරිසක් " මේ ගාන වැරදි වගේ. හයේ පන්තිගේ ගණිතයට අනුව. දැන් ලෝක ජනගහනය බිලියන හයකට වැඩියි නේ. (ස)
අනේ ..මම මේ ලිපිය කියවද්දී මමත් නිදි නැතිව රැය පුරා ඇහැරගෙන ..මොකද අපේ මහත්තයා නිදි යන්නේ ජෙනරේටරය ස්ටාට් කරගෙනමයි ..? මම නිදි නැහැ එළිවෙනකම්. ඩොක්ටර්ල ලඟට ගියත් අපිට බැහැ ස්වීච් එක ඕෆ් කරගන්න ...? (ස)
මට නම් ගොරවන අය එක්ක නිදාගන්නම බැහැ. අැග විශාල වුණහම නිකම්ම ගොරවනවා (නි)
මෙම ලිපිය පල කලාට ගොඩක් ස්තුතියි ලංකාදීපය (ස)
ධම්ම ඔයා ගේ නෝනා ගේ අදහසට මාත් එකග වෙනවා. (ස)
රංජනී, මෙන්න ප්‍රතිකාරය.මීට පස්සේ මහත්තයත් එක්ක එක කාමරේ නිදියන්න. නිදා ගන්න යනකොට මහත්තයට සයිලන්සරයක් සවි කරන්න. (ස)
අපේ මහත්තයා නම් ගොරවනෙ නෑ රූපවතී. (ස)
අපොයි දෙයියනේ.... මං මැරෙයිද? (ස)
මේ තත්වය ගොඩක් අයට තියෙනවා.නමුත් අපි ඒ බව දන්නේ නැහැ. නින්දේදී මේ විදිහට හුස්ම නතර වුණහම මොළයට ලැබෙන ඔක්සිජන් නැතුව යනවා. මෙය අධික රුධිර පීඩනය, ආඝාතය, හෘද රෝග සහ දියවැඩියාව වගේ රෝග වලට ප්‍රධාන හේතුවක් බව පර්යේෂණ වලින් ඔප්පු කර තිබෙනවා. නිදා ගන්නා විට කොට්ට නැතුව නිදා ගැනීම, ඇලයකට හැරී නිදා ගැනීම මගින් යම් තරමක සහනයක් ලබා ගන්න පුළුවන්. තරබාරුකම අඩු කර ගැනීමත් මේ තත්වය පාලනය කර ගැනීමට උපකාර වෙනවා. නිදාගෙන අවදි වූ පසු වෙහෙසක් දැනෙනවා නම්, අවදි වූ පසු හිසරදය තියෙනවා නම්, දවල් කාලයේ අසාමාන්‍ය නිදිමතක් දැනෙනවා නම් ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ගැනීම වැදගත්. (නි)
නියම මිනිසත් බව ලබා උපන් අපි නම් ගොරවන්නෙ නැහැ (නි)
අම්මෝ! අහනකොටත් බයයි (නි)
මෙවැනි තොරතුරු වලින් අපිව දැනුවත් කරනවට ලංකාදීපය ඔබට ස්තූතියි. (ස)
බින්දු, ආනන්ද, ඇයි දෙයියනේ මම? එහෙනම් ඉතින් අපි තුන්දෙනාට මෙතුන් සරණේ සරණයි! (නි)
නින්දෙන් තදින් ගොරවන කට්ටිය හදවත් පරික්ෂා කරගන්න. (නි)
කැලුම්, ඔබ රංජනීට දීපු පිළිතුර මට පැහැදිලි මදි. කියන්නකෝ ඕක කොතෙන්ටද හයි කර ගන්නේ කියලා. මටත් ඕන වෙලා තියෙනවා. (ස)
නිශාන්ත,කසාදයක් කරගන්න පෙර හිතල බලන්න. (ස)
නින්දෙන් ගොරවනවා නම් නිදහසේ ගොරවන්න. මා ගෙරෙව්වේ නැත්නම් එයාට නින්ද යන්නේ නැහැ කියලා මගේ බිරිඳ එයාගේ යාලුවොත් එක්ක කියනවා මං අහගෙන. ඕවට බටහිර වෛද්‍ය උපදෙස් ගන්න ගිහිල්ලා නැති ලෙඩ හදා ගන්න එපා. හොඳට ගොරවපු අපේ අපේ මුතුන් මිත්තෝ සියක් ආයු ලැබ ජීවත් උනා. (ස)
මේකට බෙහෙතක් හොයාගෙන නැද්ද?? (ස)
බින්දු අපි දෙන්නට බුදු සරණයි. (ස)
නින්දේදී ඔබේ ශ්වසනය පිළිබද දත්ත පටිගත කර සම්පුර්ණ වාර්තාවක් ලබා ගත හැකි උපකරණයක් දැන් මෙරට රජයේ ප්‍රදාන රෝහලේ සහ පෞද්ගලික රෝහල් බොහොමයක ඇත . එම පරික්ෂාවෙන් පසු රෝගතත්වය අනුව ශල්‍ය කර්මයක් හෝ නින්දේදී හුස්ම ගැනීම පහසු කිරීම සඳහා CPAP යන්ත්‍රයක් පවිච්චි කිරීමෙන් මෙම රෝගී තත්වයෙන් සම්පුරණයෙන් මිදිය හැක .මෙම උපකරණය ලෝකයේ අන් රටවල බොහෝ ජනප්‍රිය වී ඇත. මෙරට දී ද මෙම යන්තර මිලදී ගත හැක. (ස)
එතකොට ගොරවන අයට මිනිසත් බවක් නැද්ද කියන්නෙ. (ස)
ඉන්දු මට දැනෙන්නේ ඔබ මෙල්බර්න් වල වැඩ කරන වෛද්‍යවරියක් ලෙසයි.කොහොම උනත් ඔබේ තොරතුරු වලට ස්තුතියි.. (ස)