IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නටන තෙලට අත දමා මාළු බදියි

ආහාර බැදීමට හැදි අවශ්‍ය නොවන පුද්ගලයෙකි ඉන්දියා ජාතික ප්‍රේම් සින්ග්.

තම දෑත හැදි ලෙස භාවිතා කරන ඔහු උතුරමින් නටන තෙලට අත දමයි.අතින් ආහාර ඒ මේ අත හරවන ඔහු ඒවා හොදින් බදියි.අනතුරුව තම පාරිභෝගිකයන්ට පිළිගන්වයි.

නමුත් නටන තෙලින් ඔහුගේ අතට කිසිදු හානියක් සිදුනොවේ.

‘මම මේක පටන් ගත්තේ මිීට වසර 25 කට පමණ ඉහතදී.දවසක් මම නටන තෙලට අත දමා බැලූවා අතට කිසිවක් වුනේ නැහැ.එදා ඉදන් මම කෑම බදින්න අත තමයි පාවිච්චි කරන්නේ‘ ප්‍රෙම් කියයි.

ප්‍රේම්ගේ මේ අපූරු හැකියාව නිසාම ඔහුගේ අවන්හලත් සෑම විටම පවතින්නේ අතුරු සිදුරු නැතිව පිරීය.ඒම පැමිණෙන්නන්ට වැඩිමනත්ව දැකගැනීමට අවශ්‍ය ප්‍රේම් අත නටන තෙලට දමා ආහාර බදිනවා විනා ආහාර ගැනීමට නම් නොවේ.

‘මාළු තමයි මම වැඩිපුර බදින්නේ.ඒවා කන අයත් කියනවා අතින් බදින නිසාමද කොහෙද ඒවා වෙන තැන්වලින් ගන්න ඒවාට වඩා රසයි කියලා‘ ප්‍රෙම් පවසන්නේ සිනාමුසුවය.

තම ව්‍යාපාරය අනාගතයේදී තම පුතුන් දෙදෙනට පැවරීමට බලාපොරොත්තුවෙන් සිටින ප්‍රේම් ඔවුන් දෙදෙනටත් මේ හැකියාව ලබා ගත හැකි බවත් සිදුකළ යුත්තේ පුහුණුවීම බවත් කියයි.



අදහස් (0)

නටන තෙලට අත දමා මාළු බදියි

සුපුන් Wednesday, 18 December 2013 12:31 PM

ප්‍රේම ඔය මාලු බදින්නේ අත හෝදන්නේ නැතුවද ? අනේ ලංකාවට එන්නකෝ අපි ඔයාට විශේෂ දේව වරමක් දීල වදින්නම් පුදන්නම්. (නදී)

:       0       0

නිල්මිණී Tuesday, 17 December 2013 11:53 PM

ඔය නැටෙන තෙලේට කුඩු කන්ටේනරය ගෙනාපු අය බැදලා දෙන්න පුලුවන්ද ලොකු පිනක්.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 18 December 2013 06:27 AM

මෙයා ලංකාවට ආවොත් ඕනෑම මගඩියක් කරලා නටන තෙල් වල අත් දෙක දමා දිවුරන්න පුළුවන් නිර්දෝෂී වෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site