ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක නේටෝ හමුදාව ඊයේ (16) උදෑසන එල්ල කළ ගුවන් ප‍්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 12 දෙනෙක් තුවාල ලැබූහ.
|
නේටෝ ප‍්‍රහාරක ජෙට් යානා |
ගුවන් ප‍්‍රහාර එල්ල කරනු ලැබුවේ පක්ටියා සහ ඝාස්නී යන දිස්ති‍්‍රක්කවල සර්මාත් සහ කොගියානී යන නගර ආශි‍්‍රතව පිහිටුවා තිබුණු තලේබාන් තිප්පොලවලට යැයි නේටෝ හමුදාව පවසයි.
නේටෝ හමුදාව වැඩිදුරටත් කියා සිටියේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පාදක කර ගනිමින් තමන් ප‍්‍රහාර එල්ල කළ බවත් ඒවා සාර්ථක වූ බවත්ය.
එම ප‍්‍රහාරය සඳහා ප‍්‍රහාරක ජෙට් යානා හතරක් යොදා ගත් බවත් ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන්ට අනතුරක් සිදු නොවුණු බවත් නේටෝ හමුදාව වැඩිදුරටත් කියා සිටී.
ලබන වසර එනම් 2014 අවසන් වන විට නේටෝ සහ ඇමෙරිකා හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කිරීමට සූදානමින් සිටී. ඔවුන් ඇෆ්ගන් සංග‍්‍රාමය ඇරැඹුවේ 2001 දී ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පෙරළා දමමිනි.
ඒ, අල් කයිඩාවට ඇෆ්ගන් තලේබාන් රජයේ සහාය හිමිවීම මුල්කොට ගනිමිනි. වර්තමාන ඇෆ්ගන් රජය බටහිර ආධාර සහ අනුග‍්‍රහය මත පිහිටුවනු ලැබූවකි.
විදෙස් හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කිරීමට සැරසෙන්නේ, ඇෆ්ගන් ආරක්ෂක අංශවලට මනා පුහුණුවක් ලබා දීමෙන් ද පසුවය. එම පුහුණුවීම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.
ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව රටින් පිටවී ගියහොත් ඉරාකයේ සිදුවන්නාක් මෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිලේ යැයි ඇෆ්ගන් රජය බිය පළකරයි.
වසර 13 ක් තිස්සේ දිග්ගැස්සුණු ඇෆ්ගන් සංග‍්‍රාමයේදී තලේබාන් සටන්කාමීන් පරාජය කිරීමට තවමත් විදෙස් හමුදාවලට නොහැකි වී ඇත. තලේබාන් සංවිධානය ‘මට්ටු කිරීමට’ නොහැකි වූ හෙයින්, ඔවුන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකාව සූදානම් විය.
තලේබාන් සංවිධානය ද සාමයට කැමැත්ත පළ කරමින් බටහිර සහාය ඇතිව කටාර් රාජ්‍යයේ දෝහා හි ‘සාම කාර්යාලයක්’ පිහිටුවීය. නමුත් සාම සාකච්ඡාවලට ඇෆ්ගන් රජයෙන් සහ ඇෆ්ගන් ජනතාවගෙන් විරෝධයක් එල්ල විය. මේ නිසා සාම සාකච්ඡා ඇණහිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් මිනිසුන්ව විනාස කරනවා කියන්නේ මහ මුහුද ඉහිනවා වාගේ පුලුවන්නම් කොරලා බලමු.(නදී)
බොහොම හොදයි මේ අය ලෝකෙටම පිලිකාවක්.(නදී)
නසාර්, මුස්ලිම් මිනිසුන්ව විනාස කරන්න කව්රුවත් දඟලන්න ඕන නැහැ. අද ලෝකයේ මැරෙන මුස්ලිම් වරුන්ගෙන් 90% වඩා මැරෙන්නේ මුස්ලිම් අයගෙන්මයි. ඉරානය පරමාණු බොම්බේ හදපු හැටියේ මහා ෂියා මුස්ලිම් නැගිටීමක් ඇතිවෙලා මිලියන ගනන් සුන්නි මුස්ස්ලිම්ලව විනාශ කරනවා. එතකොට දෙපැත්තම ඉවරයි. ඒක නවත්වන්න කාටවත් බෑ.(නදී)
2009 ට කලින් කොටි හිතාගෙන හිටියෙත් නසාර් හිතන විදියටම තමයි.(නදී)
සාර්ථක වුන පලවෙනි ගුවන් ප්‍රහාරය මේක වෙන්න ඇති, ගොඩක් ගුවන් ප්‍රහාර වලින් මැරුනේ සාමාන්‍ය ජනතාවනේ.(නි)
සහෝදර වරුනි, මුස්ලිම් මිනිසුන්ට වෛර කරන්න එපා, එයාල මුස්ලිම්ව ඉපදුන නිසා, ආගමේ බල පැම් මත තදින් අදහගෙන ජීවත් වෙනවා. නමුත් අපි අනුකම්පා කරන්න ඕන එයාලගේ තියෙන නිෂ්පල භාවය ගැන. සෑම රටක්ම ඉස්ලාම් දහමේ අරටු ගැන දැනගන්න ඕනා, එයාලා සාමේ කියා කීවට, එයාලා බලය ගත්තම නියම ඉස්ලාම් බව පෙන්නනවා, ඒ තමයි "තලබාන්" පාලන ක්‍රමය. සෑම මුස්ලිම් මනුෂයෙක්ම මේ උගුල තුල හිරවෙලා ඉන්නේ, විරුද්ධ උනාද ඔහුව විනාශ කරනවා.(නදී)
අන්න දැක්කද අන්තවාදී අදහස්. ඒක තමයි මම කියන්නේ අන්තවාදීන් සත්තු වගේ බෝ වෙනවා. සත්තු වගේ මැරිලා යනවා. එතන තියෙන්නේ අන්ත දුකක්මයි. සැනසීමක් නෑ කවදාවත්. දැක්ක නේද මිත්‍යා දෘෂ්ටිය?(නදී)
කුමාර් ඔබ හරි. මොවුන් ලෝකෙටම පිලිකාවක් (නි)
කුමාර් , ඔබ හරි (නි)