කාගේවත් බලපෑමකට යටත් වීමට සූදානම් නැති බවත්, තමන් කිසිම අවස්ථාවක ධුරයෙන් ඉවත් වන්නේ නැති බවත් ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සි ඊයේ (3) ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කළේය.
දිගින් දිගටම ජනතාව පීඩාවට පත් කරන්නේ නම් වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ඊජිප්තු හමුදාව, ඉකුත් පළමු වැනිදා ජනපති මොර්සිට පැය 48 ක් කල් දී තිබුණි. එම කාල සීමාව ඊයේ (3) සවස අවසන් විය.
ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා ද වන මොර්සිට එරෙහිව විරෝධතා ඇරැඹුණේ ඉකුත් සති අන්තයේ සිටය. ඒ, ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දීය. විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල මැදිහත් වීමෙන් මොර්සිට එරෙහි විරෝධතා සංවිධානය කෙරුණි.
ලක්ෂ දෙකකට වැඩි විරෝධතාකරුවෝ පිරිසක් එරට කයිරෝ අගනුවර තරීර් චතුරස‍්‍රයට රැස් වී ජනපති මොර්සිට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරන්න වූහ.
ඊයේ (3) මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයේ ආධාරකරුවන් සහ මොර්සි හිතවාදීන් විරෝධතාකරුවන් අතර හටගත් ගැටුම්වලින් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධුරයෙන් ඉවත් වන්නේ නෑ: ඊජිප්තු ජනපති මොර්සි කියයි