නගරයේ සෑම මහා මාර්ග, දුම්රිය මාර්ග පද්ධතියක්ම විස්තර කළ හැකි පුද්ගලයෙකු පිළිබඳ ඇමරිකාවේ නිව් යෝක් නගරයේ සිටී. ඩැරිස් මැකලම් (49) වන ඔහු නිව් යෝක් නගරයේ සෑම දුම්රියක්, දුම්රිය මාර්ගයක්, උමං මාර්ග, දුම්රිය නැවතුම් ස්ථාන, දුම්රිය පැමිණෙන වේලාවන් ආදී සියලූ දේ ගැන පැවසීමට ඔහුට හැකියාව ඇත. පළපුරුදු සේවකයෙකු සේ ඔහු මතකයෙන් මේ සියලූ දේ ගැන පවසයි. ඔහු අටහැවිරිදි වියේ සිට දුම්රිය මාර්ග පිළිබඳ මතකයක් පැවති බව සඳහන් වේ. මෙම හැකියාව ප‍්‍රයෝජනයට ගෙන මාර්ග සේවකයෙකු ලෙස සේවය කිරීමට හැකියාව ඇති ඔහු එයින් මාර්ග වංචාකාරයෙකු බවට පත් වී ඇත. බස් සොරකම් කිරීම, කොන්දොස්තරවරයෙකු ලෙස අඳුම් ඇඳ මුදල් එකතු කර ගැනීම, උමං දුම්රිය බලහත්කාරයෙන් පදවගෙන යාම ආදී හේතු නිසා ඔහු විසි නම වතාවක් අත්අඩංගුවට පත් වී ඇත. අවසන් වරට ඔහු අත්අඩංගුවට පත් වී ඇත්තේ බසයක් සොරා ගෙන යාමේදී බව සඳහන්ය. කුඩා කල සිටම ඔහු බස්, දුම්රිය වලට ඇළුම් කළ බවත් ඒ නිසා මේ මතකය ඔහුට ලැබුණු බවත් සමහර අය ඔහුට කතා කොට බසයක්, දුම්රියක් ලබා ගත හැකි ස්ථාන අසන බවත් ඔහු සඳහන් කරයි. ඔහු පුරුදු වී ඇති නරක පුරුද්දෙන් මේ වතාවේවත් මිඳීමට උත්සහ කරන බව ඔහු තව දුරටත් මාධ්‍යයට පැවසීය.