මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේදී චීන හමුදා සමඟ ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි එරට හමුදා අද (16) ප්‍රකාශ කළේය.
දශක ගණනාවකට පසු ඉන්දියාව සහ චීනය අතර සිදු වූ මාරාන්තිකම ගැටුම මෙය යි. දේශසීමා මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර තිබෙන ගැටුම් පසුගිය දින කිහිපයේදී උග්‍ර අතට හැරිණි.
අසල්වැසියන් වන ඉන්දියාව සහ චීනය න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියයි.
දේශසීමාවේ ඇති වූ ගැටුම්වලින් සිය සෙබළුවන් තිදෙනකු මරුමුවට පත්වූයේ යැයි ඉන්දීය හමුදා මුලින් නිවේදනය කළ නමුත් තවත් 17 දෙනකු මරණයට පත්ව ඇතැයි එම හමුදා පසුව නිවේදනය කළේය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න චින්නු ඉන්දියාව වගේ රටකටත් ගැහුවා......
පගාවක් දීලා දෙගොල්ලන්ටම පහසුවෙන්ම අල්ලගන්න රටක්ම, අහල පහල තියෙද්දී, ඇයි මේ බොරුවට කොහෙවත් තියන පොඩි බිම් කැබැල්ලක් අයිති කර ගන්න යුද්දෙකට සැරසෙන්නේ?
චීන්නුන්ගේ තර්ජන වලට බය නොවිය යුතුයි.
හොඳ වැඩේ ඉන්දියාවට. නේපාලය එක්කත් ප්‍රශ්න ළඟකදී ඉඳලා පටන් ගත්තා. ඒ මිනිස්සුන්ගේ දේශ සීමා ඇතුළට වෙන්න අධිවේගී මහා මාර්ගයක් හදලා.... නේපාලයට ඔක්කොම කළාට චීනෙ එක්ක මුකුත් කරන්න බැහැ. අනික් අතින් පාකිස්තානය එක්ක ප්‍රශ්න...
ඕවත් වැඩක්ද මල්ලී, ලෝකයට කොරෝනා දීපු චීනෙට ඕවත් වැඩද.?
ඉන්දීය මාද්‍ය වාර්තා කරන අයුරට මේ වන විට මියගිය ගනන මීට වැඩ් යි. කොරොනා වයිරසය හමුවේ දැඩ් අවදානමකට මුහුන දී සිටින ඉන්දියාව මේ අවස්තාව කලමනාකරණය කරන විලාසය අසල්වැසි අපට පමනක් නොව ලෝකයටම වැදගත් වෙවි.
ඉන්දියාව වැටෙනකම් බලා ඉන්න මෝඩයිනි... අපි කොයිතරම් අකමැති වුණත් න්‍යෂ්ටික බලය හිමි අපේ ළඟම අසල්වැසියා ඉන්දියාවයි. මට බැන්නට වැඩක් නැහැ. තව අවුරුදු 50කින් බලාගන්න.
ඡන්දෙන් පස්සේ තව අක්කර 3000ක් ලංකාවෙන්ම දෙනවා නේ... ඇයි ඉන්දියාවත් එක්ක ගහගන්නේ?
අපිට පරිප්පු දාලා බයකළාට, චීන්නු බය කරන්න ලේසිවෙන්නේ නැහැ.
චීනයට ජයවේවා..!!! අපේ යුද්ධයට ප්‍රධානම හේතුව අල්ලපු රට...
ඉන්දියාව වෙන්නේ කොහොමද? යුද්දේ නැති උනේ අපේ දේශපාලකයන්ගේ වැරදි නිසා. ලගදි ඉපදිච්ච අය මේවා දන්නේ නෑ.
කවුරු මොනවා කිව්වත් අපේ සැබෑම මිතුරා චීනයයි. මෝදි මහත්තයා බලයට පැමිණියාට පසු පොඩි වෙනසක් සිදුවුණත්, ඉන්දියාව ඉතා දීර්ඝ කාලයක පටන් ලංකාවට කලේ කෙනෙහිලිකම්... අපේ රටේ දියුණුවට වලකපන අපේ ප‍්‍රධාන හතුරා ඉන්දියාවයි.