IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දේශසීමාවේ චීන හමුදා සමඟ ගැටුමෙන් ඉන්දීය සෙබළු 20ක් මරුට

මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේදී චීන හමුදා සමඟ ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි එරට හමුදා අද (16) ප්‍රකාශ කළේය.

දශක ගණනාවකට පසු ඉන්දියාව සහ චීනය අතර සිදු වූ මාරාන්තිකම ගැටුම මෙය යි. දේශසීමා මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර තිබෙන ගැටුම් පසුගිය දින කිහිපයේදී උග්‍ර අතට හැරිණි.

අසල්වැසියන් වන ඉන්දියාව සහ චීනය න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියයි.

දේශසීමාවේ ඇති වූ ගැටුම්වලින් සිය සෙබළුවන් තිදෙනකු මරුමුවට පත්වූයේ යැයි ඉන්දීය හමුදා මුලින් නිවේදනය කළ නමුත් තවත් 17 දෙනකු මරණයට පත්ව ඇතැයි එම හමුදා පසුව නිවේදනය කළේය.

.එෆ්.පී. 

055

 



අදහස් (12)

දේශසීමාවේ චීන හමුදා සමඟ ගැටුමෙන් ඉන්දීය සෙබළු 20ක් මරුට

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 June 2020 06:52 PM

ඔන්න චින්නු ඉන්දියාව වගේ රටකටත් ගැහුවා......

:       67       123

බද්රානි Tuesday, 16 June 2020 10:06 PM

පගාවක් දීලා දෙගොල්ලන්ටම පහසුවෙන්ම අල්ලගන්න රටක්ම, අහල පහල තියෙද්දී, ඇයි මේ බොරුවට කොහෙවත් තියන පොඩි බිම් කැබැල්ලක් අයිති කර ගන්න යුද්දෙකට සැරසෙන්නේ?

:       54       221

ලුම්බිණි Wednesday, 17 June 2020 12:43 AM

චීන්නුන්ගේ තර්ජන වලට බය නොවිය යුතුයි.

:       524       216

Gamage Wednesday, 17 June 2020 04:42 AM

හොඳ වැඩේ ඉන්දියාවට. නේපාලය එක්කත් ප්‍රශ්න ළඟකදී ඉඳලා පටන් ගත්තා. ඒ මිනිස්සුන්ගේ දේශ සීමා ඇතුළට වෙන්න අධිවේගී මහා මාර්ගයක් හදලා.... නේපාලයට ඔක්කොම කළාට චීනෙ එක්ක මුකුත් කරන්න බැහැ. අනික් අතින් පාකිස්තානය එක්ක ප්‍රශ්න...

:       40       646

rihan Wednesday, 17 June 2020 06:23 AM

ඕවත් වැඩක්ද මල්ලී, ලෝකයට කොරෝනා දීපු චීනෙට ඕවත් වැඩද.?

:       240       173

මහසෙන් Wednesday, 17 June 2020 06:49 AM

ඉන්දීය මාද්‍ය වාර්තා කරන අයුරට මේ වන විට මියගිය ගනන මීට වැඩ්‍ යි. කොරොනා වයිරසය හමුවේ දැඩ් අවදානමකට මුහුන දී සිටින ඉන්දියාව මේ අවස්තාව කලමනාකරණය කරන විලාසය අසල්වැසි අපට පමනක් නොව ලෝකයටම වැදගත් වෙවි.

:       45       127

Nuwan Wednesday, 17 June 2020 07:04 AM

ඉන්දියාව වැටෙනකම් බලා ඉන්න මෝඩයිනි... අපි කොයිතරම් අකමැති වුණත් න්‍යෂ්ටික බලය හිමි අපේ ළඟම අසල්වැසියා ඉන්දියාවයි. මට බැන්නට වැඩක් නැහැ. තව අවුරුදු 50කින් බලාගන්න.

:       640       281

Sachin Wednesday, 17 June 2020 08:10 AM

ඡන්දෙන් පස්සේ තව අක්කර 3000ක් ලංකාවෙන්ම දෙනවා නේ... ඇයි ඉන්දියාවත් එක්ක ගහගන්නේ?

:       35       332

Prabha Wednesday, 17 June 2020 11:55 AM

අපිට පරිප්පු දාලා බයකළාට, චීන්නු බය කරන්න ලේසිවෙන්නේ නැහැ.

:       3       166

Paala Wednesday, 17 June 2020 12:02 PM

චීනයට ජයවේවා..!!! අපේ යුද්ධයට ප්‍රධානම හේතුව අල්ලපු රට...

:       5       166

Sanjee Thursday, 18 June 2020 02:49 AM

ඉන්දියාව වෙන්නේ කොහොමද? යුද්දේ නැති උනේ අපේ දේශපාලකයන්ගේ වැරදි නිසා. ලගදි ඉපදිච්ච අය මේවා දන්නේ නෑ.

:       84       0

Lal Thursday, 18 June 2020 11:14 AM

කවුරු මොනවා කිව්වත් අපේ සැබෑම මිතුරා චීනයයි. මෝදි මහත්තයා බලයට පැමිණියාට පසු පොඩි වෙනසක් සිදුවුණත්, ඉන්දියාව ඉතා දීර්ඝ කාලයක පටන් ලංකාවට කලේ කෙනෙහිලිකම්... අපේ රටේ දියුණුවට වලකපන අපේ ප‍‍්‍රධාන හතුරා ඉන්දියාවයි.

:       0       214

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site