මෝල්ටා ජාතික ජෝර්ජියෝ ටී ප‍්‍රචලිතව ඇත්තේ ‘‘මිනිස් බුමතුරුණ‘‘ ලෙසය.ඒ ඔහු ඔබේ මගේ පයට පෑගෙන ‘‘බුමතුරුණක්‘‘ ලෙස පෙනී සිටින බැවිනි.එකම වෙනස මේ ‘‘බුමතුරුණට‘‘ පණ තිබීමයි.

තමන් මතින් මිනිසුන් ඇවිදගෙන යාමේදී තමන්ට අමුතුම සහනදායී හැගීමක් දැනෙන බව ජෝර්ජියෝ කියයි.ඇතැමුන් මේ මොන විකාරයක්දැයි කියමින් තමන් අසලටවත් නොආවද බෙහෝදෙනා තමන් බුමතුරුණක් සේ සළකා තමන් මතින් ඇවිදගෙන යන බව ජෝර්ජියෝ පවසයි.

ජෝර්ජියෝ මේ දිනවල සිටින්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේය.නිව්යෝර්ක් නගරයේ සමාජශාලා වල පැවැත්වෙන සාදයන් බෙහෝමයක ජෝර්ජියෝ සිටිනු දැක ගත හැකිය.කැන්වස් රෙද්දකුත් ඇග වටා දවටාගෙන බිම දිගාවී සිටිනා ජෝර්ජ්ගේ ඇඟ මතින් තරුණ තරුණියන් ගමන් කරන්නේ ඒය මහත්ම විනෝදජනක දෙයක් යැයි සළකාය.

තම ‘‘සේවා‘‘ සැපැයීමට ජෝර්ජියෝ මුදල් අය කරයි.තමන් ගැන අන් අය සිතන දේ ගැන තැකීමක් නොකරන ජෝර්ජියෝ පවසන්නේ තමන්ගේ මානසික සුවය සදහා මිනිස් බුමතුරුණක් ලෙස පෙනී සිටීම ඇතැමුන්ට අප‍්‍රසන්න වූවාට ඔහුට කරන්නට දෙයක් නැති බවය.