ඔහු කළමණාකරුවෙකි.ඇය ගුරුවරියකි.උදයේ ඔවුන් දෙදෙන හා ඇමරිකාවේ රැකියාවන් කරන දෙනෝදාහක් දෙනා අතර කිසිදු වෙනසක් නැත.නමුත් රැයේදී සියල්ල වෙනස්ය.
කළමනාකරුවා හා ගුරුවරිය චිත‍්‍රපට වල ඔබ මම දකින සුපිරි වීරයන් හා සමානව ඇදුම් ඇගලාගෙන අපරාධකරුවන් දඩයම් කිරීමේ යති.
ඔහුගේ අනවර්ථ නාමය ‘‘ෆීනික්ස් ජෝන්ස්ය‘‘ ඇය ‘‘පර්පල් රෙයි(ග්)න්’’.මොවුන් දෙදෙන හා චිත‍්‍රපට වීරයන් අතර ඇති එකම වෙනස වන්නේ මොවුන්ට අධි මානුෂික හැකියාවන් නොමැති වීමයි.
චිත‍්‍රපට වීරයන් අඳින තාලයේ ඇදුම් මේ දෙදෙන ඇගලූම් සාප්පු වලින් ලබාගත හැකි මිලදී ගෙන ඒවා පැළැද සුපිරි වීරයන් වන්නට යනවායැයි කෙනෙකුට සිතෙන්නට පුළුවනි.නමුත් ඔවුන් දෙදෙනගේ ඇදුම් පැළදුම් වෙඩි නොවදින කබා,දිවීමට පැනීමට උපකාරී වන අංග,සතුරන් අඩපණ කිරීමට සමත් අංග
ආදී සියල්ලන්ගෙන් සමන්විතය.
තමන් සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනා කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකු බව මොවුහු කියති.තම එකම අරමුණ වනුයේ හැකි පමණින් අපරාධ මැඩලීමට උදව් කිරීම බස මේ දෙදෙන පවසයි.කිසිවිටෙක තමන් නීතිය අතට ගෙන කටයුතු නොකරන බවත් තමන්ට අපරාධ මැඩලීමට දායක වියහැකි සීමාව හදුනාගෙන කටයුතු කරන බවත් මේ වීරයා හා වීරවරිය සදහන් කරති.මේ සදහා තමන්ට සිය කණ්ඩායමේ නීතිඥවරුන් උපදෙස් ලබාදෙන බව ඔවුහු කියති.
මගතොටදී සාමාන්‍ය වැසියෙකුට කිසියම් කරදරයක් වන බව දුටුවහොත් කි‍්‍රයාත්මක වන මොවුන් දෙදෙන වහා කරදරයේ වැටී සිටිනා තැනැත්තාගේ සහයට එති.අල්ලා ගත් සොරුන් හා ගැටකපන්නන් කිහිපදෙනෙකුම පොලිසියට භාරදීමට ඔවුහු කටයුතු කරති.
ලොවට තව තවත් ‘‘සුපිරි වීරයන්‘‘ අවශ්‍ය වන යුගයක් දැන් පැමිණ ඇතැයි මොවුන් දෙදෙනගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්තුරය එංගලන්තේ එකක්ද
නියම වැඩේ හරියට කෙළොත් (අ)
මම හොරෙක්. අනේ මිගෙල් නංගි මාව අල්ලගන්න කෝ.(නදී)
අනේ ෂෝක්, මටත් හොරෙක් වෙන්න හිතෙනවා මිගෙල් නංගියා දැක්කම (නි)
බුදු අම්මෝ ලංකාවේ එහෙම කෙනෙක් බිහි වුණොත් පවුල් පිටින්ම විනාසයි. (අ)
ඩැනියෙල් මල්ලීගේ ඇඳුම නම් ඕනෑම සටනකට සුදනාම් බව පෙනෙනවා. මිගෙල් නංගී අතින් ,පයින් සටනක් කරයි.නමුත් වෙඩි උණ්ඩයකින් නම් යයි ඔලුව පාසා කරගෙන, ආරක්ෂක හිස් වැස්මක් නැතුව ,හොරා පොලිස් රඟපාන්න ගිහින්. (නි)
ඒ සේනාව නම් නියම ඇති (නි)
ශාන්තුවරුන් වෙස් ගත්තු මැරයෝ මේ අය පල්ලි ,රෙදි සාප්පු,මස් කඩ කඩනවා. රාත්‍රී කාලයේ බීල වාහන අනතුරුත් සිදුකර ගන්නවා. ශාන්තුවරුන් සේ පෙනී සිටින මැර කණ්ඩායම්.(නදී)
මිගෙල් දැක්කම හොරා ළඟටම එනවා ඇති. නියමයි අනේ මටත් හොරෙක් වෙන්න ඇත්නම්. (ස)
පිස්සු නැත්නම් හරිම ෂෝක් අනේ.(නදී)
අපේ රටේසිදුවෙන්නේ ඔකේ අනිත් පැත්ත (අ)
එකිනෙකාට හොදින් ගැලපෙන රුවෙන් යුතු යුවලක් බවනම් පෙනෙනවා..ලස්සනයි....අදහස් හා කටයුතු එසේම ලස්සනනම් හොදයි.(නදී)
ඇදුම් දෙකටම වෙඩි වදින්නේ නැතුව ඇති.(නදී)