තම දියණියන්ගේ කන්‍යාභාවය අලෙවි කළ මවක ගැන වාර්තා වන්නේ කොලොම්බියාවෙනි.
මාර්ගරීටා ද ජීසස් සපාටා මොරේනෝ නම් වන මේ 45 හැවිරිදි කාන්තාවට දරුවන් 14 දෙනෙකි.එයිනුත් 12 දෙනෙක්ම දියණියෝය.
එම දියණියන් 12 දෙනාගේ කන්‍යාභාවය මැය පවුම් 125 (රුපියල් 26750) ගණනේ නොයෙකුත් ගැණුම්කරුවන්ට අලෙවි කර ඇතැයි කොලොම්බියා පොලිසිය කියයි.එම දියණියන් 12 දෙනා අතුරින් ඇතැම් දරුවන් තවමත් ඉතා කුඩා වයස්හි පසුවන්නන් වුවද මෙම කාන්තාව එම දරුවන්ගේත් කන්‍යාභාවය අලෙවි කර ඇත්තේ නිසි වයස් සම්පූර්ණ වූ පසු මිලදී ගත් තැනැත්තාට දරුවන් සපයන බවට පොරොන්දු වෙතියි පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
මාර්ගරීටා කොටු කර ගැනීමට පොලිසියට හැකිව ඇත්තේත් ඇයගේම දියණියක් දුන් ඔත්තුවක් මාර්ගයෙනි.
මාර්ගරීටා දැනට බන්ධනාගාර ගත කර සිටින අතර ඇයට එරෙහි නඩු විභාගය නුදුරේදීම පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේ අම්මලා ලංකාවේත් ඉන්නයි තියෙන්නේ (නි)
කුමාරිගේ කතාවට මමත් කැමති .(දිල්)
දරුවෙක් ලොවට බිහි කල පමණින්ම කාන්තාවක් අම්ම කෙනෙක් වෙන්නෑ. මවක් ළඟ තිබිය යුතු ගුණ බුදුපියානන්වහන්සේ නොයෙක් අවස්ථාවල දෙසනා කර තියනවා.මේ වගේ අම්මල මේ දරුවන්ගේ පෙර ඉදන් වයිර කරමින් පසුපසින් එන අය. (අ)
මනුෂ්‍ය ආත්මයටම අපහාසයක්, (අ)
මුලින් මේක දැක්කම මම හිතුවේ ඇත්තටම බඹර වෙන්දේසි කරලා කියලා.(නදී)
මේ වගේ අම්මලාට් රජ කලේ දඬුවන් දෙන්න ඕන (අ)
නරකමත් නැහැ වැඩේ (නි)
මෙම කතාවේ ඇත්ත දැනගන්න අම්මා සමග කතා කරන්න වෙනවා (නි)
නින්දිත ක්‍රියාවක්, ලංකාවෙත් මෙහෙම ඈයෝ ඇති. (ස)
ඉදිරියේදී ලංකාවෙත් මෙවැනි දේවල් දැක ගන්න පුලුවන් වේවි. දැනට රට යන අත දිහා බැලුවාම.(නදී)
අනේ මෙහෙමත් අම්මලා.(නදී)
පියා නම් මාර වැඩ කාරයෙක් තමයි..(නදී)
මව්වරුන්ටත් නින්දාවක්. (ස)
තව ටික කාලෙකින් මෙහෙත් මෙහෙම වේවි. (ස)
මේවා දුටුවිට අපට අපි ගැනම දුකයි (නි)
මමත් මුලින්ම දැක්කෙ බඹර වෙන්දේසියක් වගේ ... (නි)
ඔය වැඩේ කරනකම් නිකනම් හිටියද?(නදී)
කකුල් දෙකේ නොමිනිසුන් (නි)
වෙස්සන්තර වෙන්න හිතාගෙන වගේ. (නි)
අස්මිත් , ඉතා හොදයි. අපගේ ගෞරවය ඔබගේ අදහසට. (නි)
කැසිනෝ පටන් ගත්තහම මේක ලංකාවෙත් වෙනවා. මහා නායක හාමුදුරුවනේ දැන්වත් නැගිටින්න . (නදී)
මේ වගේ දේවල් තවම ඉන්දියාවේ සිදු වෙනවා (නි)
කොලොම්බියා රටේ ඉන්නේ කතෝලිකයන් නේද?(නදී)
අපේ අසිරිමත් ශ්‍රී ලංකාවේත් බිරින්දෑ වරුන් අලෙවි කරන සැමියන් දැන් දැන් සිටින බව ප්‍රවෘත්ති පත්‍ර වලින් පෙන්නුම් කරනවා. (ස)
ලංකාවේ වගේ 250ක් දඩ ගහල නිදහස් කරයි නේද? (ස)
මනුෂ්‍ය ආත්ම වලටත් අපහාසයක්, සුරව සුදුවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අම්මෙක් වෙන්න ඇති. (ස)
කැසිනෝ පටන් ගත්තහම අර කීව වගේ ඔය ටික ලංකාවෙත් වේවි.?(දිල්)
අපේ හුග දෙනෙක් කියනවා,ලංකාවේ කැසිනෝ සෙල්ලම් කරන්න ජනතාවක් නැහැ කියලා. ලංකාවේ ඉන්නේ ගොවි කම්කරු උදවිය විතරයි නිසා කැසිනෝ පටන් ගත්තට කමක් නැහැ කියලා. නමුත් ඔය කැසිනෝ වලට සුදුවට අමතරව සම්බාහන ස්ත්‍රී සේවනය/ පුරුෂ සේවනය/සමලිංගික/මත්පැන්/මත්බෙහෙත්/ තව සමාජ දුෂක බොහෝ දේවල් ඔය වටේටම එන එක නවත්තන්න කාටවත්ම බැහැ.එදා ගම්බද තරුණියන් කොළඹ ආවේ ඒජන්සියකින් රටයන්න,එක්කෝ නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කම්හලක රැකියාවක් සොයාගෙනයි. නමුත් හෙට එන අපේ සහෝදර යුවතියන්ට මල්මාලා දා පිළිගන්න කොළඹ තැරැව්කරුවන් කාක්කන් උකුසු ඇස් යොමුකරගෙන බලාහිදීවී!! (නි)
මතු උපදින කිසිම ආත්මෙක මේ වගේ ගැහැනුන්ට මවු පදවිය ලැබෙන එකක් නැහැ.පව් පුංචි ගැහැණු දරුවෝ ටික.(දිල්)
මෙවැනි ගැහැණු ළමයින් විකුණන අම්මලට දෙන දඬුවමට දෙගුණයක් වැඩියෙන් ලොකු දඬුවමක් මිළදී ගන්න තාත්තලට දියයුතුයි (නි)
මරණ දඬුවම තමයි දෙන්න ඕනෑ මෙයාට නම්. (නි)
කැසිනෝ තහනම් කරනු ! තුරඟ තරඟ ඔට්ටු තහනම් කරනු ! (නි)
මව්වරුන්ටත් නින්දාවක් (නි)
සමන්ති, ඔයා හරියටම කිවුවා. දෙමාපියන් ගැනවත් අද විශ්වාසයක් තබන්නට බැරි තත්වයක් උදා වෙලා තිබෙන්නේ. (නි)
අපේ සමහර "තාත්තලා" වෙන්දේසි කරන්නටවත් ඉඩතියන්නේ නැත. (නි)
පොඩි කාලේ ඉඳන්ම දරුවන්ගේ ආධ්‍යාත්මය දියුණු කරන්න. දරුවන් ආගම දහමින් පෝෂණය කරන්න. දරුවන්ට ආදරය කරන්න. මෙවන් අම්මල බිහි නොවේවි. (ස)
කවුද මේ උදය? අපරාධ වලට ආගමක් නැහැ. එහෙනම් කහවත්තේ අපරාධ කළේ කවුද? නිකන් මෝඩ අදහස් පළකරන්න එපා (නි)
අනේ මන්දා මේවා අහනකොට මේ ඇත්තමද කියලා හිතෙනවා.ලෝක විනාශයෙ මූලික ලක්ෂණ මේවා තමයි. (ස)
මේ වගේ දේවල් ලංකාවෙ නම් වෙන්න එපා කියල හැමෝම දෙවියන්ගෙන් ඉල්ලන්න..... (ස)
මේක අලුත් දෙයක් නොවේ. ආසියාවේ තුන්වන ලෝකයේ රටවල මෙය බහුලව පවතී . (නි)
පියවරුත් ගණනාවක් සිටිනවාද දන්නෙ නැහැ (නි)
කැසිනෝ මෙතනට අදාල නැති උනාට මටත් යමක් ලියන්න හිතුනා. දැනටමත් කොල්ලුපිටිය බම්බලපිටියේ ඔය කැසිනෝ තියෙනවනේ. අස්මිත් එතකොට ඒවා .....? (ස)
මෙන්න නියම අම්මලා? (නි)
මේවා නවත්වන්න ඕනෑ. මේවට නීති ගෙනාවත් වැඩක් නැහැ, නීති කඩන්නේ අැමතිවරයෝ (නි)
මේවා නවත්තන්න ඕන. මේවට නීති ගෙනාවත් වැඩක් නෑ. නීති කඩන්නේ ලොක්කෝ..... (ස)