ඉන්දියාවේ මිීරූට් නුවරට මහදවාලේ කඩාවැදුණු දිවියෙක් නිසා මහත් කලබගෑනියක් සිදුවිය.

වැඩ බිමක සිටි කම්කරුවන් පිරිසක් අතරට කඩාවැදුණු දිවියා එක් කම්කරුවෙකු සපා කා බරපතල තුවාල කළේය.

අනෙක් අයගේ කෑකෝ ගැසීම් මධ්‍යයේ පැනගිය දිවියා ඉන් අනතුරුව නතරවූයේ නගරයේ රෝහලේය.රෝහල් සේවකයින් උපායශීලීව දිවියාව රෝහලේ වූ කාමරයකට කොටු කළද කාමරයේ විවෘතව තිබූ ජනේලයකින් දිවියා නැවතත් පැන ගියේය.

දිවියා නිසා නරගයේ පාසල් හා පොදු ස්ථාන සියල්ල වසා දමා ආරක්ෂාව තර කිරීමට පොලිසියට සිදු විය.

දිවියා අල්ලා ගැනීමට පොලිසියට නොහැකි විය.

මිරූට් නගරයට යාබද වනාන්තරයේ සිට දිවියා නගරයට ඇතුළු වන්නට ඇතැයි සැක කෙරේ.