ඇමරිකාවේ චිකාගෝ නගරයේ දුම්රිය ස්ථානයක දුම්රිය ගමනට බධා කළ නිර්වස්ත‍්‍ර කාන්තාවක් (31) එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දුම්රියේ ‘දෙවඟන’ මම යැයි කියමින් ඇය දුම්රියට ගොඩ වී තිබේ. ම`ගීන් කිහිපදෙනෙකුට කම්මුල් පහර ගසා දුම්රියේ ඉදිරියට ගොස් රියදුරන් ඉවත් කොට එය ධාවනය කිරීමට උත්සහ කර ඇත.
බලධාරීන් පැමිණ ඇය ඉවත් කිරීමට තැත් කළ උත්සහය අසාර්ථක වී තිබේ. පසුව ඔවුන් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පැමිණ ඇය අල්ලා ගැනීමට තැත් කළ තැන ඇය දුම්රිය පොළ වටා දුවන්න පටන් ගත්තාය. මෙලෙස පැය භාගයක් පමණ උත්සහ කර ඇය අත්අඩංගුවට ගන්නා ලදි.
මානසික රෝගයකින් පෙළෙන කාන්තාව පසුව ශාන්ත ෆ‍්‍රැන්සිස් රෝහල කරා රැගෙන යනු ලැබුහ.
සිද්ධියෙන් කිසිවකුට අනතුරුක් සිදු නොවුනත් පැය කිහිපයක් දුම්රිය ගමනා ගමනය ප‍්‍රමාද වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, පොලිසියේ අයත් මිනිස්සු......හැමදාම ලැබෙන්නේ නැහැ... බලන්නකෝ අනිත් නෝනා මොබිල් එක දිහා බලන් ඉන්නේ ෆොටෝ එක ගත්ත නිසා වෙන්න ඇති. (ස)
සාදීක්, ආරියසේන ලංකාවේ උනානම් කොල්ලෝ තවම් කෙල්ල පස්සේ පන්නනවා හැබැයි අල්ලා ගන්නේනම් නැහැ .ඇල්ලුවොත් පොලිසියෙන් අරන් යනවනේ . (අ)
ආරියසේන, සාදික්,පිටරටවල් වල ජීවත් වන අය හදිසි අනතුරකදී කෙනෙකුට උදවු කරනවා ඇරෙන්න මෙවැනි අවස්ථාවකදී ඒවාට මැදිහත් වෙන්න කැමති නැහැ. ඒවා තමන්ට අයිති නැති, අනවශ්‍ය දේවල් හැටියටයි ඔවුන් සිතන්නේ. දෙවැනි පින්තුරයේ බංකුවක වාඩිවී සිටින කාන්තාව දිහා බලන්න. ඇය සිටින්නේ මේ කිසිවක් දැක්කේ නැති ගානටයි. (නි)
අනේ පවු, ඒ කාන්තාවට ඉක්මන් සුවය ලැබේවා! එතන හිටපු අර ගැහැණු කෙනාට තිබුණා තමයි එයාගේ ජැකට් එකක්වත් දෙන්න (නි)
අපේ රටෙ නම් මානසික ලෙඩෙක් උනත් ඇදුම් උනා දමා දුවන්න තරමට ඔවුන් පෙලඹෙන්නේ නැහැ. බොහෝ දුරට ..මත් පැන් බීවුන් එසේ කලත් ..මානසික ලෙඩ්ඩුන් බොහෝවිට එසේ පත් නොවීම ගැන සතුටුයි ..? (ස)
"අනේ අපේ අයටත් මෙහෙම යන්න හිතෙන්නේ නැද්ද" (නදී)
මේ ජීවිතේ මොනතරම් පුදුමද? මේ කාන්තාව සමහරවිට ගොඩක් උගත් කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු මානසික පීඩනයක් ඇති. එය ඉක්මනින්ම සුව වේවා! (ස)
මම මේ වගේ සිද්ධියක් දැක්කා මානසික රෝගීන් ඉන්න රෝහලක් අසළදී, ඕස්ට්‍රේලියාවේදී. විනාඩියක් යන්න ඉස්සරවෙලා පොලිසියයි ආරක්ෂක කාන්තාවනුයි එක්වෙලා එම තරුණිය අල්ල ගත්තා. පසුව දැන ගත්තා ඇය ඔටිසම් නමැති මානසික තත්ත්වයේ උච්ඡ අවස්ථාවේ පෙළෙන්නියක් බව. (නි)
අපේ රටේ මෙහෙම දෙවඟනන්ලා නැති එක විශාල පාඩුවක්. (ස)
" අඩු ගානේ රෙද්දකින් වහගෙන යන්න තිබුනනේ" (ස)
සමන්ති ,ඒ කියන්නේ ඔයා බත්තරමුල්ල පැත්තේ ගියාද? (නි)
චන්ද්‍ර, අනේ..අනේ..! ඒ කියන්නේ අනෙක් අය අහක බලාගෙන ඉන්නකොට ඔයා බැලුවා. මම හරි නේද? (නි)
ආරියසේන..ලංකාවේදී වුනානම් මම කොහොම හරි මගේ කාර් එකට දා ගෙන ගෙදර ගිහින් නෝනගේ ඇදුමකුත් අන්දවාගෙන පොලිසියට ගිහින් භාර දෙනවා. (අ)
ලංකාවේ අපට වැටුප සහ බඩුමිල අනුව මෙහෙම ඉන්න හිතෙනවා, ඒක මානසික ආබාධයක්ද යන්න පහදා දෙන්න (ස)
නියම පොලිසිය.. අල්ලගෙන හෙලුවෙන්ම ගෙනියනවා . අඩු ගානේ රෙද්දකින් වහගෙන යන්න තිබුනනේ ..(අ)
ලෙඩකදී දුකකදී ඔය වගේ කණගාටුදායක සිදුවීමක් වෙන්න පුළුවන් මිනිසුන්ට මට ඔබට වගේම පව්ලේ කෙනෙකුට සමහර අදහස් ගැන ලජ්ජා හිතෙනවා (ස)
චමත් .., ඔයා කියපු දේ හරි., මේ රටවල අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කිසිම දෙකට අත දාන්නේ නැහැ අනුන් හෙළා දකින්නේ නැහැ .., නමුත් එහි හොඳ වගේම නරකකුත් තියෙනවා ....!!! මේ යුවතියට ඉක්මන් සුවය පතමු අපිත් ගැහැනුන් නිසා .., ඔය ඇගේ නිරුවත දකින්න වගේ අපේ අයත් නිරුවත් කරලා ලියපු අයගේ නිවසේ ගැහැණු පරාන නැතුවද කොහෙද.., හරීම කනගාටුයි හොඳේ. (ස)
කුජීතයි නේද ? (ස)
ඔව් ගුණරත්න, මගේ පැතුමත් ඇයට ඉක්මන් සුවය. (ස)
කිශා ගෝතමී මානසිකව රොගී වී බුදුන් වහන්සේ හමුවීමට ආවෙත් නිර්වස්ත්‍රව (ස)
මේ වගේ මානසික තත්වෙක ඉන්න කෙනෙක් දිහා බලල " අනේ අපේ අයටත් මෙහෙම යන්න හිතෙන්නේ නැද්ද " කියල අහන මානසික ලෙඩ්ඩුත් ඉන්නවනේ හැබෑට. (ස)
ලංකාවේ වුණා නම් පොලිසිය එන්න ප්‍රථම අපේ කොල්ලෝ ටික කොහොම හරි අල්ලා ගන්නවා. (නි)
මම මේ වීඩියෝ එක දැක්කා. මැය දුම්රිය පොළ වටේ නම් දුවනවා පෙනුනේ නැහැ. මැයව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ දුම්රිය මැදිරිය තුළදීයි.(නදී)
මීට වසර 12 කට කලින් මම ගාලු පාරේ මොරටුව පාලම ලඟදි දැක්කා.මේ වගේම දෙයක්. වයස 27 ක විතර ගෑනු කෙනෙක් ඇගේ නූල් පොටක්වත් නැතුව දුවනවා.හැම වාහනයක්ම නවත්තලා බලනවා.පාරේ හරි ට්‍රැෆික්.මම වාද්දුවේ නිසා පසුව දැනගත්තේ.ගෑනු කෙනා හොරා කන්න ගිහින් සැමියාට අතේ මට්ටු වෙලා.සැමියා කඩුවක් අරන් පස්සෙන් එලවලා. (ස)
"මානසික රෝගයකින් පෙළෙන කාන්තාව පසුව ශාන්ත ෆ‍්‍රැන්සිස් රෝහල කරා රැගෙන යනු ලැබුහ.' ඉතින් අපි මොනවටද මේ මානසික රෝගියා ගැන කතා කරන්නේ. එයා මානසික රෝගියෙක් නිසා අනුකම්පා කරනවා විනා ඇයගේ නිරුවත බලන්න පොරකාලා වැඩක් නැහැ. (නි)
"ලංකාවේ අපට වැටුප සහ බඩුමිළ අනුව මෙහෙම ඉන්න හිතෙනවා, ඒක මානසික ආබාධයක්ද යන්න පහදා දෙන්න" එහෙම ඉන්න ඕනෑ වෙලාවට හැරෙන්න අනෙක් හේතුන් නිසා එහෙම ඉන්න හිතෙනවා නම් ඒක මානසික අාබාධයක් (නි)
අනේ පවු ඒ ගැහැණු කෙනා නම් ඉතින් ලෙඩක් නැතුවනේ. ඒත් ඉතින් අපේ ලංකාවේ සමහර කෙල්ලෝ ලෙඩක් නැතුවම නිකම්ම යන්නේ (නි)
මේ ලඟදී දවසක නුවර වැව රවුමෙත් මෙවැනි දෙයක් උනාලු... (ස)
මෙහෙත් යාල් දෙවි, සමුද්‍ර දේවි, වගේ තව දුම්රිය දේවියොත් ඉන්නවා. ඒ අය මෙහෙම ඉන්නේ අප්‍රසිද්ධව. (නදී)
හරියටම හරි ආරියසේන,ලංකාවෙනම් ඔච්චර වෙලාවක් පරක්කුවෙන්නේ නැහැ, (අ)
පිංතූර අපැහැදිලි නිසා මගේ බලවත් විරෝධය. (අ)
ඉක්මනටම දුම්රිය දේවියට කෝල් කලා නම් ඇඳුම් ටික ගෙන්න ගන්න තිබුනා... (ස)
අනේ ඒක නම් ඇත්ත, එක මනුස්සයෙක්වත් හිටියෙ නැද්ද, රෙදිකෑල්ලක් දෙන්න. බලනකොට ඇමෙරිකාවට පිස්සු කියලයි හිතෙන්නෙ. (නි)
මෙන්න ඇමරිකන් මිනිස්සු...ඔලුවේ අමාරු කාරයෝ ගණන් ගන්නේ නෑ.පොලිසියේ රජ කාරිය එයාල කරනවා වටවෙලා බලනින්න දෙයක් නෑ...කදුළු ගෑස්..නෑ..පාවිචිචි කරලා.(w)
එක ඇත්ත ආරියසේන ටිප් එක ධුන්න ගමන් අපේ පොලිසිය ධුවල එයි. ඊට ඉස්සර කොල්ලෝ ධුවල එයි. (අ)
මම ඉන්න රටෙත් මේ විදියට පිරිමි කෙනෙක් පාර අයිනේ හිටගෙන හිටියා.රැගෙන යනතුරු පොලිසියේ කාන්තාවෝ දෙන්නෙක් ටිකක් ඈතින් රැකවරණය දීලා හිටියා.කවුරුවත් හිනා වුණේ නැහැ.කණගාටුවෙන් වගේ බලලා අහක බලාගත්තා.හැබැයි පොලිස් කාන්තාවෝ දෙන්නට නම් සිනහ වුණා. ඒ කරන්න සිදුවුණ රාජකාරිය ගැන හිතලා.ඔවුන් දෙන්නා ලැජ්ජාවේ ඇඹරි ඇඹරි හිටියා.අනේ අර මනුස්සයා තමා වටේ වෙන කිසිදෙයක් දන්නේ නැහැ.පොඩි එකා වගේ ඔහේ හිටියා කාටවත් කරදරයක් නැහැ. (නි)
ඇදුම් නැතිව ඉන්න එක නම් ඒ රටේ හැටියට ගානක් නැහැ. නමුත් රෝගියා ගැන කනගාටුයි. දෙවැනි ෆොටෝ එකේ ඉන්න ගැහැණු කෙනාට තිබුන එයාගේ ජැකට් එකවත් අරයට අන්දවන්න .. (නදී)
අපේ අයට මෙහෙම යන්න හිතෙන්නෙ නැද්ද??? (ස)
මේ ළඟදී දවසක සාගරිකා තිරිංග පැන්න කිව්වෙ ,මේ වගේ දෙවඟනක් නැගල ද දන්නේ නැහැ. (ස)
කලකට ඉහතදී දේශපාලකයෙක් සිය කාර්යාලයේ අනියම් වැඩක යෙදී සිටියදී බිරිය පැමිණීමෙන් පසු ආරක්ෂකයන් විසින් ඇමතිව ගෙනයන ලද්දේ "මිනිස් ආවරණයක් පමණක් සහිතවයි " (නි)
අනේ අනේ! අපේ අයටත් හිතෙන විදියක හැටි නේද. (නි)
ඕක ඔය තරම් හිතන්න දෙයක් නෙමෙයි. අපි උපදින්නේ ඇදුම් නැතුවනේ. (නි)
මමත් ඔතන හිටියා නම්.. (නි)