තම දරුවන් සිව් දෙනාට  අමානුෂික වදහිංසා පැමිණුවේයැයි චෝදනා ලැබ සිටි ඛෙල්ජියන් ජාතික මව්පිය යුවළකට වසර 10 ක සිර දඩුවමක් නියම විය.

මේ මව්පිය දෙදෙන සියලූ දෙනාගේ පිළිකුළටත් දෝෂදර්ශණයටත් ලක් විය.

සිය දියණියන් තිදෙන හා එකම පිරිමි දරුවා රාතී්‍ර කාලයන්හි කුඩා කාමරයකට දමා සිර කර ඇති මොවුන් ඔවුනට ආහාර සපයා ඇත්තේ බිත්තියේ වූ කුඩා සිදුරකිනි.පියාගේ නිරන්තර තාඩන පීඩන වලටත් ලක්වීමට දරුවන් සිව්දෙනාට සිදුව තිබේ.පොලිසිය විසින් අධිකරණය හමුවේ අනාවරණය කළ ආකාරයට දරුවන්ට යකඩ පොලූ,කඹ, ආදියෙන් පහර දී විදුලි සැරද වද්දවා ඇත.

සිය දරුවන්ගේ ඇගට මුත්‍ර කරන පියා අනතතුරුව ඔවුන් විවිධ අපයෝජන වලටත් ලක් කර ඇතැයි හෙළි විය.ඇමරිකාවේ ග්වන්ටානෝමොබේ සිර කදවුරෙහි සිරකරුවන්ට වධහිංසා දෙන ලෙසින් සිය දරුවන්ටත් වධ දීමට මේ මව්පිය දෙපළ කටයුතු කර ඇතැයි පොලිස් වාර්තාවෙන් පසක් වේ.

මව්පිය දෙපළ වෙනුවෙන් පෙනී සිටි නිතිඥයා තම සේවාදායකයක් සිදුකළ වැරදි සම්බන්ධයෙන් පසුතැවිලි වන බවත් ඒවාට සමාව ඉල්ලන බවත් පැවැසීය.එහෙත් විනිසුරුවරයා දරුවන්ට සිදුකළ වධ හිංසා වලට මව්පියන් දෙදෙන වැරදිකරුවන් කොට ඔවුන් දෙදෙනාට එක් අයෙකුට වසර 10 බැගින් වන බරපතළ වැඩ ඇති සිරදඩුවම් නියම  කළේය.කළ වරදට මේ සිරදඩුවම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව බහුතර ඛෙල්ජියන් ජනයාගේ මතයයි.