දරුවන් නැති අඩුව බෝනික්කන්ගෙන් පිරිමසා ගන්නා කාන්තාවක ගැන බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වේ.
ලූවි කීල් නම් වන මේ කාන්තාව 46 හැවිරිදිය.ඉපදුන දා සිටම ඇයගේ දෑස නොපෙනේ.ඇය විවාහකය.සැමියා වන බ‍්‍රයන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි.
විවාහක කාන්තාවකගේ සිහිනය වන දරුවෙකු ලබා ගැනීමේ ආශාව ඇයටද තිබුණි.නමුත් විවාහ වී වසර 6 ක් ගතවූ තැන ඇයට වෛද්‍යවරුන්ගෙන් දැනගන්නට ලැබුණේ තමන්ට දරුඵල ලබාගැනීමේ හැකියාවක් නොමැති බවයි.
ලූවිඅනාගතය ගැන මැවූ සිහින සියල්ල බිදහෙලූනාක් වැනි විය.දෙනෙතම නොපෙනුනද තමන්ගේම දරුවෙක් තම දෙනෙත වනු ඇතැයි ඇය සිටියේ මහත් බලාපොරොත්තු තබාගෙනය.
ලූවිගේ මනසට සහනයක් ගෙන දීමේ අරමුණින් බ‍්‍රයන් ඇයව නිවාඩුවක් ගත කිරීම සදහා කැඳවාගෙන ගොස් ඇත.එම ප‍්‍රදේශයේ තිබූ සෙල්ලම් බඩු සාප්පුවකට මෙම යුවළ ගොඩවැදී ඇත්තේ නිකමට වාගේය.
‘‘සාප්පුවේ සිටි කෙනෙක් මට කිව්වා අප අලූතින් බෝනික්කන් වගයක් ගෙනල්ලා තියනවා කියලා.ඔහු එයින් කෙනෙක් අරන් මට වඩාගන්න දුන්නා.හරිම පුදුම දෙයක් සිදුවුනේ.මට දැනුනේ මම සැබෑම දරුවෙක් වඩාගත්තා වාගේ‘‘ ලූවි කියන්නීය.
එම සිතුවිල්ලෙන් මෙහෙයුවුණු ඇය නිවාඩුව අමතක කර දමා බ‍්‍රයන් සමග නිවෙස වෙත පැමිණෙන්නේ බෝනික්කෙකුද සමගය.එදා පටන් ඇයගේ ‘‘දරුවා‘‘ වූයේ මේ බෝනික්කාය.
අනතුරුව ගතවූ වසර කිහිපයේදී ඇය තවත් බෝනික්කන් කිහිපදෙනෙකු තමන්ගේ ‘‘දරුවෝ‘‘ ලෙස පවුලට එක්කරගෙන ඇත.දැන් ඇයට ‘‘දරුවෝ‘‘ තිදෙනෙකු සිටීති.
‘‘කාට හරි හිතෙන්න පුළුවන් මේක මහා විකාරයක් කියලා.නමුත් මට මේ බෝනික්කෙකු අතට ගත්තහම දැනෙන්නේ පුදුම හැගීමක්.මගේ හිස් බව පුරවන්නේ මේ අය තමයි.මේ අය තමයි මගේ දරුවෝ‘‘
ඇය පවසන්නීය.
ඇයගේ මේ දරුවන්ට තම සැමියා වන බ‍්‍රයන්ද පියෙකු ලෙස සළකන බව ඇය කියන්නීය.
ඉදිරියේදී තවත් බෝනික්කන් කිහිපදෙනෙකුම තම පවුලට එකතු කර ගැනීමේ ආශාවෙන් ඇය පසුවන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතු බවයකදී මෙවැනි දෙයක් නොම වේවායි පතමි !!!!! (ස)
අනේ මන්දා, හිතට නම් හරි දුකක් දැනෙනවා.. (නි)
ඕනෑම නම් මේ දෙදෙනාට ආසියාවේ රටකින් දරුවෙක් හදාගන්න පුළුවන්. එහෙත් එයට හොද ආර්ථික තත්වයක් තිබෙන්න ඕනෑ බ්‍රිතාන්‍ය වගේ රටක ජිවත් වන නිසා.... (නි)
බෝනික්කෝ නිසා එකම ඇදුම අවුරුදු 5 ක් හරි ඇදගෙන ඉදිවී, කෑම අවශ්‍ය නැත, වැසිකිලි යාමක් නැත, හැමදාම එකම ප්‍රමාණයට ඉදිවී. (නදී)
විද්‍යුත් මාර්ගයෙන් බලන්න හැකි මේ පෘතුවියේ තවත් දෛවයේ සරදමක් නොවේද තවත් මෙවැනි දේවල් කොපමන අපසමාජයේ ඇත්ද මෙවැනි දේවල් දැක මනුස්‍ය ජිවිත වලට එකතු කර ගත හැකි වටිනා දේවල් බොහෝය (ස)
පවු. අහිංසක අම්මා කෙනෙක්ගේ අහිංසක ආසාවක්.දරුවෝ නැති අය මොනතරම් දුක් විදිනවද? එහෙත් දරුවෝ ඉන්න සමහරක් අය හැසිරෙන්නේ තිරිසනුන්ටත් අන්ත විදියට. (නි)
ලබන ආත්මෙදි හෝ දරුවෙකු ලැබ දෑසද පෙනී යහපත් හා ප්‍රුතිමත් ජීවිතයක් ලැබේවා......මොන ජාතියවුවත් ඔබ ගැන අප නෙතේද කඳුලක් ඇත.(අ)
සැබෑ මවක්මයි ඇය. අපේ රටේ දරුවන් මරණ, දමා යන ගැහැනුන් කොතරම්ද ? (ස)
ඇත්තටම සංවේදී කතාවක්.....,එහෙම හරි ඒ ගැහැණු කෙනාගේ හිත හැදුනා නම් සතුටින් ඉදිවිනේ ......මට හිතුන තව දෙයක් තමා එයට ලැබිල තියෙන්නේ ගොඩාක් හොද මහත්තයෙක්.....ඇස පෙන් නැති කෙනෙක් වගේම දරුවෙක් හදන්නත් බැරි කෙනෙක්ගේ සතුට ගැන හිතන්න පුළුවන් හොඳ හදවතක් එයට තියෙනවා...ඒ වගේ කට්ටිය අද ඇත්තටම අඩුයි. (ස)
හරිම සංවේදී පුවතක්. (ස)
ඉතාමත් සංවේගී පුවතක්. මෙම පුවත අපිට දෙන පණිවුඩය නම්. නොලැබෙන දෙයක් වෙනුවෙන් සිහින මවා දුක්වෙනවාට වඩා තිබෙන දෙයින් තෘප්තිමත් වන උසස් ගතිගුණ ඇති තැනැත්තියක්. (අ)