කුළුදුල් දරුවා ලැබීමත් සමග සිය පෙම්වතිය තමන්ට දක්වන ආදරය අඩුවී ඇතැයි දුකට පත් පෙම්වතෙකු එම දරුවා

අන්තර්ජාලය ඔස්සේ විකිණීමට තැත් කළ පුවතක් ඇමරිකාවේ නිව්යෝරක් නගරයෙන් වාර්තා වේ.

‘‘දරුවකු විකිණීමට ඇත‘‘ යන මැයෙන් අන්තර්ජාලයේ භාණ්ඩ විකිණීමේ හා හුවමාරු කිරීමේ වෙබ් අඩවියක් වන ක්‍රෙයිග්ස් ලිස්ට් වෙබ්අඩවියේ දැන්වීමක් පළකර ඇති හෙතෙම දරුවා මිල කර තිබී ඇත්තේ ඩොලර් 100 ක (රුපියල් 13300) මුදලකටය.දරුවාගේ වයස යන්තම් මාස දෙක සපිරුණා පමණි.

දරුවාගේ මව මේ කිසි දෙයක් නොදැන සිටියාය. මුත් දිනක් නිවසේ දුරකථකනයට කතා කළ කාන්තාවක් දරුවෙකු විකිණීමට සිටින්නේදැයි ඇසූ කල විමතියට පත්ව ඇමතුමේ සුලමුල සෙවීමේදී තම පෙම්වතාගේ වැඩකටයුතු හෙළි කරගෙන ඇත්තීය.

පෙම්වතා අන්තර්ජාලයේ පළකළ වෙළද දැන්වීමේ සටහන් කර තිබී ඇත්තේ නිවසේ දුරකථන අංකයයි.

පෙම්වතාට විරුද්ධව පොලිසියට පැමිණිලි කිරීමට පෙම්වතිය කටයුතු කර ඇත්තීය.

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇති පෙම්වතාට එරෙහිව දරුවෙකුගේ සුභසාධන අයිතීන් උල්ලංඝණය කිරීම යන චෝදනාව නැගී තිබේ.අධිකරණයේදී වරදකරු බවට තීරණය වුවහොත් වසරක සිරදඩුවමකට යටත් වීමට ඔහුට

සිදුවනු ඇත.