පාකිස්තානයේ බාලිකා අයිතීය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන් අතින් වෙඩි ප‍්‍රහාරයකට ලක්වී, බි‍්‍රතාන්‍යයේදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ, පාකිස්තාන දැරිය මලාලා යූසොෆ් සායි වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූලි 12 වැනි දා ‘මලාලා දිනය’ ලෙස නම් කිරීමට තීරණය කළේය.ඇගේ සොළොස්වැනි උපන්දිනය අදයි.

මලාලා අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණියාය. ලෝකයේ රටවල් රැසකින් එහි රැස්ව සිටි යොවුන් නායකයන් 500 දෙනක් අමතා  ඇය විශේෂ දේශනයක් ද පැවැත්වූවාය.

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මලාලා කියා සිටියාය.

දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.