මාස අටක දරු ගැබකුත් දරාගෙන බර ඉසලීමේ කී‍්‍රඩාවේ යෙදෙන්නියකි ලී ඈන් එලිසන්.
ලී ඈන් එලිසන් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පදිංචිකාරියකි.වසය අවුරුදු 35 ක් වන ඇය මේ බලාපොරොත්තුවෙන් සිටින්නේ තම කුළුදුල් දරුවාය.
වෛද්‍ය මතය අනුව මව්වරුන් ගර්භණී සමයේදී කුමන හෝ ව්‍යායාම ක‍්‍රමයකට අනුගත වීම යහපත්ය.ව්‍යායාම කිරීම ශරීරයට යහපත් වන බැවින් දරු උපතේදී ඊට සාර්ථකව, සවිමත් සිරුරකින් යුක්තව මුහුණ දීමට මව්වරුන්ට හැකි වීම මිට හේතුවයි.කෙසේ වුවත් දරු ගැබට හානි සිදුනොවන ආකාරයේ ව්‍යායාම ක‍්‍රම තෝරාගැනීමේ වැදගත්කම වෛද්‍යවරුන් අවධාරණය කරයි.
ලී ඈන්ගේ බර ඉසිලීමේ කි‍්‍රයාව දරු ගැබට අහිතකර ලෙස බලපෑ හැකියැයි ඇතැම් වෛද්‍යවරුරන්ගේ අදහසයි.ඇතැම් වෛද්‍යවරුන් කියනුයේ බර ඉසිලීමේ යෙදුනේයැයි කියා දරු ගැබට කිසිදු හානියක් සිදුවීමට ඉඩ නොමැති බවයි.
මේ මත කිසිවක් මායිම් නොකරන ලී ඈන් පවසන්නේ තමන්ට හරි යැයි සිතන දේ කරනා බවයි.ගැබ්ගෙන මාස 8 ක් තිස්සේ තමන් බර් ඉසිලීමේ කි‍්‍රීඩාවේ යෙදෙනා බවත් එය තමන්ගේ ශරීරය හා මනස ශක්තිමත් කරනවා විනා කිසිදු අයහපත් බලපෑමක් ඇති කර නොමැති බවත් ඇය කියයි.කුසයේ සිටිනා දරුවාට හානි ගෙනදෙන කිසිවක් කිරීමට මවක වීමට බලාපොරොත්තුවෙන් සිටින තමන් සිහිනෙකුදු නොසිතන බව කියනා ලී ඈන් බර ඉසිලීමේ කි‍්‍රීඩාවේ යෙදීම තම කුසයේ සිටිනා දරුවාට යහපත් ලෙස බලපානු ඇතැයි විශ්වාසයෙන් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉපදෙන කෙනත් යකඩයෙක් වගේ ඉඳීද? (නි)