IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දරු ගැබක් දරාගෙන බරත් උසුලයි

මාස අටක දරු ගැබකුත් දරාගෙන බර ඉසලීමේ කී‍්‍රඩාවේ යෙදෙන්නියකි ලී ඈන් එලිසන්.

ලී ඈන් එලිසන් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පදිංචිකාරියකි.වසය අවුරුදු 35 ක් වන ඇය මේ බලාපොරොත්තුවෙන් සිටින්නේ තම කුළුදුල් දරුවාය.

වෛද්‍ය මතය අනුව මව්වරුන් ගර්භණී සමයේදී කුමන හෝ ව්‍යායාම ක‍්‍රමයකට අනුගත වීම යහපත්ය.ව්‍යායාම කිරීම ශරීරයට යහපත් වන බැවින් දරු උපතේදී ඊට සාර්ථකව, සවිමත් සිරුරකින් යුක්තව මුහුණ දීමට මව්වරුන්ට හැකි වීම මිට හේතුවයි.කෙසේ වුවත් දරු ගැබට හානි සිදුනොවන ආකාරයේ ව්‍යායාම ක‍්‍රම තෝරාගැනීමේ වැදගත්කම වෛද්‍යවරුන් අවධාරණය කරයි.

ලී ඈන්ගේ බර ඉසිලීමේ කි‍්‍රයාව දරු ගැබට අහිතකර ලෙස බලපෑ හැකියැයි ඇතැම් වෛද්‍යවරුරන්ගේ අදහසයි.ඇතැම් වෛද්‍යවරුන් කියනුයේ බර ඉසිලීමේ යෙදුනේයැයි කියා දරු ගැබට කිසිදු හානියක් සිදුවීමට ඉඩ නොමැති බවයි.

මේ මත කිසිවක් මායිම් නොකරන ලී ඈන් පවසන්නේ තමන්ට හරි යැයි සිතන දේ කරනා බවයි.ගැබ්ගෙන මාස 8 ක් තිස්සේ තමන් බර් ඉසිලීමේ කි‍්‍රීඩාවේ යෙදෙනා බවත් එය තමන්ගේ ශරීරය හා මනස ශක්තිමත් කරනවා විනා කිසිදු අයහපත් බලපෑමක් ඇති කර නොමැති බවත් ඇය කියයි.කුසයේ සිටිනා දරුවාට හානි ගෙනදෙන කිසිවක් කිරීමට මවක වීමට බලාපොරොත්තුවෙන් සිටින තමන් සිහිනෙකුදු නොසිතන බව කියනා ලී ඈන් බර ඉසිලීමේ කි‍්‍රීඩාවේ යෙදීම තම කුසයේ සිටිනා දරුවාට යහපත් ලෙස බලපානු ඇතැයි විශ්වාසයෙන් සිටී.

 



අදහස් (0)

දරු ගැබක් දරාගෙන බරත් උසුලයි

ලාරා Thursday, 26 September 2013 12:24 AM

ඉපදෙන කෙනත් යකඩයෙක් වගේ ඉඳීද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site