විඩාවවෙන් මැඞී කෙටි නින්දක් ලබා ගැනීමේ අරමුණින් බස් රථ හා දුම්රිය වල ජනෙල් වීදුරු වල හිසතබා ගන්නන්ට විඩාව නිවා ගැනීමට වෙනත් ක‍්‍රමයක් සොයා ගැනීමට වන සෙයකි.ඒ ජර්මාන් සමාගමක් ඔවුන් ඉලක්ක කර අපූරු වෙළද දැන්වීම් ප‍්‍රචාරණ ක‍්‍රමයක් හදුන්වාදී ඇති හෙයිනි.
දැනට ජර්මනියේ තෝරාගත් දුම්රිය කිහිපයක මෙම ක‍්‍රමය කි‍්‍රයාත්මකය.මෙහිදී සිදුවන්නේ දුම්රිය ජනෙල් වීදුරු වලට අධි සංවේදී සම්ප්‍රේෂක සවි කර ඒවා ආධාරයෙන් දැන්වීම් ප‍්‍රචාරණය සිදු කිරීමයි.මේවා කි‍්‍රයාත්මක වන ආකාරයද බලන්නට වටනේය.
සම්පේ‍්‍රෂක කි‍්‍රයාත්මක වනුයේ දුම්රිය වීදුරුව මත කිසිවෙකු හිස තැබූ විටය.කි‍්‍රයාත්මක වූ විට සම්පේ‍්‍රෂක ඉහළ සංඛ්‍යාතයකින් කම්පනය වේ.මේ කම්පන වීදුරුව පුරා පැතිරෙන අතර ඒවා හිස තබා සිටින්නාගේ හිස වෙතද ළගා වේ.මෙම කම්පන ජනනය වන්නේ පෙර සකස් කර ඇති ක‍්‍රමවේදයකට වේ.කම්පන වලින් ‘‘කියැවෙනුයේ‘‘ සමාගමේ නිෂ්පාදනයන් ගැනය.
මිනිස් මොළය මේ කම්පනයන් තේරුම් ගැනීමේ සමත්ය.මේ සියල්ලන්ගේ එකතුවක් ලෙස අවසානයේ හිස තබා ගෙන සිටින්නාට වෙළද දැන්වීම ‘‘ඇසෙන්නේය.‘‘
මෙය නවතම සොයාගැනීමක් වන ‘‘අස්ථි යොදාගෙන ශබ්ද ප‍්‍රචාරණය‘‘ යන ක‍්‍රමයේ භාවිතයකි.හිස් කබලේ අස්ථි ඔස්සේ මොළය වෙත යොමුකෙරෙනා කම්පන ආධාරයෙන් ශබ්දය ‘‘ඇසීමට‘‘ සැළැස්වීම මෙම ක‍්‍රමයේදී සිදුවේ.කන් බෙරය ශ‍්‍රවණ අස්ථිකා ආදී සාමාන්‍ය ශබ්දය ඇසීමේ කි‍්‍රයාවලියේදී භාවිතා වන අංගයන් කිසිවක් මේ ක‍්‍රමයේදී භාවිතා නොවේ.මෙම ක‍්‍රමය ශ‍්‍රවණ ආබාධ ඇති රෝගීන් සදහා ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙසද භාවිතා වේ.
හොදම දෙය වන්නේ මෙයින් කිසිවෙකුටත් බාධා ඇතිනොවීමයි.දැන්වීම ‘‘ඇසෙනුයේ‘‘ හිස තබාගෙන සිටින්නාටම පමණි.අනෙක් අයට කිසිවක් නොඇසේ.
දැනටමත් මෙයට හොද ප‍්‍රතිචාර ලැබෙන බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.ඉදිරියේදී තවත් දියුණු කර වෙළද දැන්වීම් ප‍්‍රචාරණයට පමණක් නොව සංගීතය අධ්‍යාපන වැඩසටහන් ආදිය ප‍්‍රචාරණය කිරීමට හැකි වන සේ මේ නිර්මානය සකස් කිරීම සමාගමේ අපේක්ෂාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ පුද්ගලික බස්වලටත් ඔය ක්‍රමය හඳුන්වලා දෙන්නකෝ. (නි)
ලංකාවේ බස් වල යන්නේ මරන්න ගෙනියන සත්තු වගේ. බස් වල රේඩියෝ, ඕඩියෝ වල සද්දය මොනතරම් පීඩන(කරදරයක්ද) .මේ ගැන හිතන්න අපේ රටේ මිනිස්සුන්ට ඔලුවක් නැහැ (නි)