දුම්පානය කරන පුද්ගලයන් එම වයසේම දුම් පානය නොකරන පුද්ගලයන්ට වඩා සියයට පනස් හතක වයස් ගත පෙනුමක් පෙන්වන බව ඇමෙරිකාවේ ඔහියෝ වෙස්ටර්න් රිසව් විශ්ව විද්‍යාලයය විසින් අවුරුදු 18-78 අතර නිවුන්නුන් 79 දෙනකු සහභාගි කරවා ගෙන කරන ලද පරීක්ෂණයකින් හෙලි වී තිබේ.
නිවුන්නු දෙදෙනාගෙන් එක් අයෙක් දුම් පානය කරන අතර අනෙකා දුම් පානය නොකරයි.
එලෙස කළ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ දුම් පානය කරන පුද්ගලයාගේ මුහුණේ රුළි ඇතිවීම, ඇස් යට සහ බෙල්ලේ සම එල්ලා වැටීම,තොල් වලට ඉක්මනින් වයස්ගත පෙනුමක් ලැබීම ආදිය සිදු වන බවයි.
එමෙන්ම සිගරට්වල ඇති නිකොටින් නිසා සම එල්ලා වැටීම, සමෙහි ඝනකම අඩුවීම සහ සම ඇදීම සිදුවන බව ද එම පරීක්ෂණයෙන් පෙනී ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම් බොන්නෝ මිය යති, දුම් නොබොන්නෝද මිය යති. එහෙයින් දුම් බී මිය යමු (නි)
මෙය සත්‍යයක් බව මම අත්දැකීමෙන්ම දනිමි. (නි)
''දුම්බොන්නෝ ඉක්මනටම පරලොව යන්නෝ'' (නි)
දුම් බීම අනුමත කරනවා නෙමෙයි.මට නම් ලොකු වෙනසක් පෙනෙන්නේ නැහැ. දෙන්නම එක වගේ (නි)
වම පැත්තේ කෙනාද දුම් බොන්නේ, දකුණු පැත්තේ කෙනාද දුම් බොන්නේ? (නි)