IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දඩුවම අඩුකරගන්න සිරකරුවෝ මහති

බ‍්‍රසීලයේ ඇරිස්වාල්ඩෝ ඩෙ කැම්පොස් පිරෙස් සිරගෙදර සිරකරුවෝ මේ දිනවල මැහුම් ගෙතුම් කිරීම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වති.

ඒ ඔවුන් මැහුම් ගෙතුම් කරමින් ගතකරනා සෑම දින 3 කටම ඔවුන්ගේ සිරදඩුවම් කාලයෙන් දිනක් බැගින් අඩු කිරීමේ වැඩපිළිවෙළක් හදුන්වාදීමට සිරගෙදර බළධාරීන් කටයුතු කර ඇති බැවින්ය.

කැම්පොස් පිරෙස් යනු බ‍්‍රසීලයේ අධිආරක්ෂිත සිරකදවුරකි.මෙහි රඳවා සිටින්නෝ දරුණුම ගණයේ අපරාධ වලට සිරදඩුවම් ලැබුවෝය.

එසේවුවත් සිරකදවුරේ රැදැවියන් බහුතරය මැහුම් ගෙතුම් කිරීමට උද්යෝගයෙන් යුතුව සහභාගී වන බව බලධරයෝ කියති.

සිරකරුවන් අතින් කෙරෙන මැහුම් ගෙතුම් කටයුතු අධීක්ෂණය කරනුයේ බ‍්‍රසීල ජාතික ඇඟලූම් නිර්මාණ ශිල්පිනියක් වන රැකුවෙල් ගුයිමරාරේස්ය.නිවැරදිව මැහුම් ගෙතුම් කිරීමට ඇය සිරකරුවන්ට උපදෙස්ද ලබාදෙන්නීය.

පිරිමින්ට මැහුම් ගෙතුම් පුරුදු කිරීමත් එක් අතකට විනෝදයක් බව රැකුවෙල් පවසන්නීය.තම සිරදඩුවම් කාලය අඩුකර ගැනීමේ අරමුණින් බොහෝ සිරකරුවන් මේ ‘‘මැහුම් ගෙතුම් වැඩසටහන‘‘ සමග එක්වී ඇති බව ඇය කියන්නීය.

සිරකරුවන් අතින් කෙරෙන මැහුම් ගෙතුම් නිර්මාණයන් විකුණා ඒවායින් ලැබෙන මුදල් සිරකරුවන් අතටම ලබාදීමේ වැඩපිළිවෙළක්ද කි‍්‍රයාත්මකය.

මැහුම් ගෙතුම්වල යෙදී සිටීමෙන් තම ප‍්‍රචණ්ඩකාරී හැගීම් මර්දනය වනවා සේම කවදා හෝ සිරෙන් නිදහස් වූ දිනකදී තමන් ඉගෙනගත් ශිල්ප භාවිතයෙන් ජීවිතය ජයගැනීමටත් හැකිවනු ඇතැයි සිරකරුවන් කියයි.



අදහස් (0)

දඩුවම අඩුකරගන්න සිරකරුවෝ මහති

උපාලි Tuesday, 13 August 2013 03:42 AM

මේ ගොල්ලෝ දරුණු අපරාධකාරයෝ වුනාට සල්ලිකාරයෝ නෙමෙයි මං හිතන්නේ. නැත්නම් අපේ වගේ කෙටි ක්‍රම අනුගමනය කරන්න තිබුනනේ. අපේ අය ඔය හවසට හවසට ගෙදර ගිහිල්ලත් පහුවදා උදේ ආපහු එනවා කියන්නේ. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 13 August 2013 10:27 AM

ඇත්තටම මෙහෙම හැම හිරකරයෙක්ම සිතනවද බ්‍රසීල් වල එහෙම උනත් ලංකාවේ සිරකාරයෝ ....මමත් එන්න හිතන් ඉන්නවා. (ස)

:       0       0

කල්මුණේ Sunday, 11 August 2013 10:43 PM

ජීවිතාන්තය තෙක් හිරේ ගිය කෙනෙකුට කොහොමද ඒක අඩුවෙන්නෙ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site