IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දැඩි රැකවල් මැද ඉන්දියාව නිදහස සමරයි

ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වේ යැයි බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද ඉන්දියාව ඊයේ (15) 67 වැනි නිදහස් දිනය සැමැරීය.

ඉන්දියාව මෙවර නිදහස් දිනය සැමරුවේ අර්බුද රැසකට මුහුණ දෙමිනි. ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් එල්ල වූ තර්ජනවලට අමතරව ඉන්දු පාකිස්තාන දේශසීමාවේ දී පාකිස්තාන හමුදාව අතින් ඉන්දීය සෙබළුන් මියයෑමේ සිද්ධියක් මුල් කොට ගනිමින් ඉන්දියාව පාකිස්තානය සමඟ අර්බුදයක පැටැළී සිටී.
ඊට අමතරව පෙරේදා (14) ඉන්දීය නාවික හමුදාව සතුව තිබුණු රුසියාවේ නිෂ්පාදනය කළ සබ්මැරීනයක් පුපුරා යෑමෙන් නාවික භටයෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

නිදහස් දින සැමරුම් උළෙල නවදිල්ලි අගනුවරදී විචිත‍්‍රවත් අන්දමින් පැවැත්වුණි. සැමරුම් උළෙල නිමිත්තෙන් නවදිල්ලි නුවර විශේෂ ආරක්ෂක වැඩසටහනක් ආරම්භ කෙරුණේ මීට දින කිහිපයකට පෙරය.  උළෙල පැවැත්වූ ‘රතු බලකොටුව’ පිහිටි ප‍්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබුණු බවද වාර්තා විය.

නවදිල්ලියේ ප‍්‍රධාන මාර්ග රැසක මාර්ග බාධක ද තැනින් තැන ආරක්ෂක මුර කපොලූ ද දක්නට ලැබිණි. ඊයේ එම මාර්ග සම්පූර්ණයෙන්ම වසා දැමීමට නවදිල්ලි පොලිසිය පියවර ගත්තේය. ප‍්‍රධාන මාර්ගවල සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා සවිකර තිබෙනු දකින්න ලැබුණු බව ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කළේය.

”නවදිල්ලියේ විශේෂ ආරක්ෂක වැඩසටහනක් පෙරේදා (14) රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක කෙරුණා. අමතර පොලිස් නිලධාරීන් සියයක් සහ හමුදා සෙබළුන් සියයක් මාර්ගවල ආරක්ෂාවට යෙදවීමට අප කටයුතු කළා. කලින් වසරවලදී මෙන් නොව ආරක්ෂක කටයුතු සඳහා මේ වසරේදී අප නවීන තාක්ෂණය යොදා ගත්තා.” යැයි නවදිල්ලි පොලිසිය පවසා තිබුණි.

සටන්කාමීන්ගෙන් ගුවන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා සීරුවෙන් තැබීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි. ‘රතු බලකොටුව’ පිහිටි ප‍්‍රදේශයට ඉහළ අහස අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබුණු අතර අනවසරයෙන් කිසිදු ගුවන් යානයකට එම කලාපයට ඇතුළු වීමට ඉඩ නොලැබුණි.

16 වැනි සියවසේ දී ඉදිකළ පෞරාණික වටිනාකමනින් යුත් එම ‘රතු බලකොටුව’ වටකොට කොමාන්ඩෝ සෙබළුන් සහ ස්නයිපර් තුවක්කුකරුවන් යොදවා තිබුණි.

සැමරුම් උළෙල ඊයේ උදෑසන ආරම්භ වූ අවස්ථාවේ ඇද හැළෙන්න වූ මහ වැස්ස නොතකා ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ මැති ඇමැතිවරු ඊට සහභාගී වූහ.

උළෙලේදී ඉන්දීය ආරක්ෂක අංශ ඔවුන්ගේ ශක්තිය ප‍්‍රදර්ශනය කළ අතර පාසල් දරු දැරියෝ රැසක් ද උළෙලට සහභාගී වී එය විචිත‍්‍රවත් කළහ. උළෙල නැරඹීමට ඉන්දීය රජයේ මැති ඇමැතිවරුත්, කලාපීය රටවල මෙන්ම බටහිර රටවල ද විශේෂ නියෝජිතවරුත් පැමිණ සිටියහ.

නවදිල්ලි අගනුවර පැවැත්වූ ප‍්‍රධාන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව  බැංගලෝර්, චෙන්නායි, කොල්කොටා සහ මුම්බායි යන ප‍්‍රධාන නගරවල ද සැමරුම් උත්සව පැවැත්විණි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය ප‍්‍රකාශ කළේ එම නගරවල විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් සංවිධානය කර තිබුණු බවයි.

ද ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීහු 2008  වසරේදී මුම්බායි නුවරට ප‍්‍රහාරයක් එල්ල කළෝය. ඉන් 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉන්දියාව බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ 1947 දීය. එම අවස්ථාවේදී මුස්ලිම් බහුතරයක් ජීවත් වූ ඉන්දියාවේ උතුරු ප‍්‍රදේශය පාකිස්තානය ලෙස බෙදී වෙන් විය. පාකිස්තානය ඔවුන්ගේ නිදහස් දිනය සැමරුවේ පෙරේදා (14) ය.

 

උළෙලට සහභාගිවූ පාසල් දරු දැරියන් ඉන්දීය ජාතික කොඩියේ වර්ණවලින් සැරසී සිටි අයුරු.

 



අදහස් (0)

දැඩි රැකවල් මැද ඉන්දියාව නිදහස සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site