IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක්

පුද්ගලයන් 181 දෙනකු රැගෙන, තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට පැමිණි, දකුණු කොරියානු මගී ගුවන් යානයක් අද (29) උදෑසන අනතුරට පත් විය.

අනතුරින් දෙදෙනකු පමණක් බරපතතල තුවාල ලබා දිවි බේරා ගත් බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.

යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ, මුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාද්දීය. යානය ගුවන් පථයට ගොඩබාද්දී, එහි රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවින්, එය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී පිපිරිණි. 

යානය එක් වරක් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගත් බවත්, එය අසාර්ථක වූ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු පසුව පැවැසූහ. එය අනතුරට පත් වූයේ දෙවැනි වර ගොඩබද්දීය. යානය ගුවන් පථයේ ලිස්සා ගොස් අනතුරට පත්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

යානයේ සිටි 181 දෙනාගෙන් 175 දෙනකු මගීන් වන අතර, නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන හයකි. මගීන්ගෙන් වැඩි දෙනා කොරියානුවන් බවත්, තායිලන්ත ජාතිකයන් දෙදෙනකු ද සිටි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අනතුරින් බරපතල තුවාල ලබා පණ බේරාගත් බව පැවැසෙන්නේ, ගුවන් සේවිකාවන් දෙදෙනෙකි.

යානය ගුවන් පථයේ ලිස්සා, එයින් පිටපැන ගොස් හැපී, පුපුරා ගිනි ගනිද්දී, ගුවන්තොටුපොළ ගිනි නිවන භටයෝ වහා ක්‍රියාත්මක වී නිවා දැමීමට යුහුසුළු වූහ. ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ 32 ක් යොදා ගැනුණි.

අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ ජේජු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත්, අංක 2216 ගුවන් යානයයි. ජේජු යනු දකුණු කොරියාවේ විශාලතම සකසුරුවම් ගුවන් සේවයයි. 
මගී යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ

වේලාවෙන් අද (29) උදෑසන 9.03 ට පමණය. යානය බැංකොක් අගනුවරින් පිටත් වී ඇත්තේ අද අලුයම 2.29 ටය. 
යානයේ පියසැරි දත්ත අඩංගු කළු පෙට්ටිය සෙවීම මේ වනවිට ආරම්භ වී ඇති බවත්, එම කළු පෙට්ටියේ දත්ත අනුව, අනතුරට හේතුව නිවැරදිව දැන ගැනීමට හැකිවනු ඇති බවත් පැවැසෙයි.

දකුණු කොරියාව මේ වනවිට දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටී. දකුණු කොරියානු වැඩ බලන ජනාධිපති චෝයි සංග් මොක් ද මුවන් ගුවන්තොටුපොළට පැමිණ අනතුර සිදුවුණු ආකාරය සහ අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන ආකාරය පිළිබඳ සොයා බැලුවේය. චෝයි සංග් මොක් දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති ලෙස එම තනතුරට පත්වූයේ පසුගිය 27 වැනිදාය.

 

(Yonhap පුවත් සේවය ඇසුරිනි)



අදහස් (0)

දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 334 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16517 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 622 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site