IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

(විමුක්ති එස් රුද්‍රිගු)

දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

පසුගිය 3 වැනිදා දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමට ගත් උත්සාහය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා දකුණු කොරියානු හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගන්න යැයි ඒ පිළිබඳව විමර්ශනය කරන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් පෙරේදා (29) රාත්‍රියේ කළ ඉල්ලීම පිළිගනිමින් සෝල් අධිකරණය යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීම සඳහ අද (31) වරෙන්තු නිකුත් කළේය.

හිටපු දකුණු කොරියානු ජනාධිපතිවරයාට මේ වනවිට දේශද්‍රෝහී වූ බවට සහ විධායක බලය අවභාවිත කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර ඒ පිළිබඳව එරට නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වයි.

ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින්න යැයි නීතිපති දෙපාර්තමේන්තුව සති 2 ක් තුළ නිකුත් කළ සිහි කැඳවීම් තුනකට හිටපු ජනපති යුන් සුක් යෝල් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්න යැයි සෝල් අධිකරණයෙන් ඉල්ලා සිටි බව විමර්ශකයන් ප්‍රකාශ කර ඇත.

වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා විමර්ශකයන්ට එළැඹෙන 6 වැනිදා දක්වා කාලය තිබෙන බවත් අවශ්‍ය නම් දිගුවක් ඉල්ලා සිටි හැකි බවත් සෝල් අධිකරණය හිටපු ජනපතිවරයාට එරෙහිව වරෙන්තුව නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට විමර්ශකයන්ට හැකියාව ලැබුණහොත් ඔහුව සෝල් රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට නියමිත බවද පැවැසෙයි.

කෙසේ වෙතත් හිටපු දකුණු කොරියානු ජනපතිවරයාගේ නීතිඥයන් දැඩිව මේ පිළිබඳව විරෝධය පළ කර ඇති අතර දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට විමර්ශන මග හැර සිටීමට කිසිම හේතුවක් නොමැති බවද පවසා ඇත.



අදහස් (0)

දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 253 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 439 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site