ඉන්දියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට 700කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි. මෙම මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවද එරට වාර්තා සඳහන් කරයි.
ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ක් දක්වා වැඩිවී තිබිණි.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ දකුණු ඉන්දියාවේ තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් වලින් බවත් එම ප්‍රදේශවල සෙනසුරාදා වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් වැසියන් 140 දෙනකු මියගොස් සිටියහ.
උතුරු ප්‍රදේශයේ අලහාබාද් හි සෙල්සියස් අංශක 48 ක උෂ්ණත්වයක් වාර්තාවූ අතර අගනගරය වන දිල්ලි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා වැඩිවී තිබිණි.
බලධාරීන් එරට වැසියන්ට දන්වා සිටියේ වැඩිපුරම නිවාස තුළට වී සිටින ලෙසත් දියර වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙසත්ය.
ඉන්දියාවේ වැඩිම උෂ්ණත්වයක් වාර්තාවූයේ පසුගිය අප්‍රේල් මාසයේ වුවත් වැඩිවශයෙන්ම මරණ වාර්තාවූයේ පසුගිය සතියේය. අධික උෂ්ණත්වය හේතුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ වැසියන් 246 දෙනකු පසුගිය සතියේදී මිය ගොස් සිටියේය. පළාත් බලධාරීන් පවසන්නේ දැඩි සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් මියගිය පිරිස 62 ක් වන බවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය මාර්තු සහ අප්‍රියෙල් මාසවල මට දැනුණු උෂ්ණත්වය නම් කියල නිම කරන්න බැහැ. දැන් ලංකාවේ උෂ්ණත්වය නම් එන්න එන්නම වැඩි වේගන එනවා වගේ. දැන්ම සිට අපි ඉන්දියාවට සිදුවූ සිදුවීමට මුහුණ දීමට පෙර පුහුණු වී සිටිය යුතුයි.(ම)
ශ්රී ලංකාවෙත් තව ටික කාලයකින් ඔහොම වෙනවා. තියෙන ගස් කපල ගම්මාන පරිසරයට විරුද්ධව කරන සංවර්ධන හින්දා මේක අපේ ලොකු තැන්වල ඉන්න අයෙයට තේරෙන්නේ නැත්තේ අපේ කරුමෙට. (ම)
අපි දැනට ඉන්න රටෙත් 45c ට වැඩියි. මේක 50c දක්වාම යනවා හැම අවුරුද්දෙම මේකට දවල් දවසේ හිරුට නිරාවරණය වෙලා ඉන්න නරකයි.වතුර වැඩියෙන් බොන්න ඕන.(හේ)
අධික සූර්ය රශ්මියට හෝ අධික ශීතලට නිරාවරණය වීමෙනුත් ගං වතුර, සුළි සුළං, නායයාම් වැනි ස්වභාවික විපත්වලින් හැමවිටම මිය යන්නේ දුප්පතුන්. ඒ ස්වභාව ධර්මය විසින් ජන ගහන වර්ධනය පාලනය කරන හැටි වෙන්න ඇති. ජය ලලිතා ජයරාම් නැවත තමිල්නාඩුවේ මහා ඇමති වීමෙන් පසු දකුණු ඉන්දියාව රත්වීමේ ප්‍රවනතාව වැඩිවුනාවත්ද? (බ)