ශ්රී ලංකාව ද ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 50,000 කට ආසන්න වී ඇත.
අද (27) පස්වරු 6.30 වනවිට දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 49,758ක් වූ අතර එම කලාපයෙන් වාර්තා වූ මරණ ගණන 1,386ක් විය.
ඇෆ්ගනිස්තානයෙන් 1,703ක්, බංග්ලාදේශයෙන් 5,913ක්, ඉන්දියාවෙන් 27,977ක්, මාලදිවයිනෙන් 214ක්, නේපාලයෙන් 52ක්, පාකිස්තානයෙන් 13,328ක් සහ ශ්‍රී ලංකාවෙන් 571ක් වශයෙන් ආසාදිතයන් වාර්තා වී තිබිණි.
කොරෝනා වයිරසය හේතුවෙන් දකුණු ආසියානු කලාපයෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වන මරණ ගණන 884කි.
ඇෆ්ගනිස්තානයෙන් මරණ 57ක් ද බංග්ලාදේශයෙන් 152ක් ද පාකිස්තානයෙන් 281ක් ද වාර්තා වූ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මරණ ගණන 7කි.
මාලදිවයිනෙන් සහ නේපාලයෙන් කිසිදු මරණයක් නොවී තිබීමද විශේෂත්වයකි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව පරීක්ෂණ 665,819 කිරීම නිසයි මෙතරම් රෝගීන් ගණනක් වාර්තා වී තිබෙන්නේ. ඒත් අපේ තවම පරීක්ෂණ 15,240. මාලදිවයිනේ පරීක්ෂණ 5,296. ඒ නිසා කිසිවෙකුටත් සතුටු විය හැකි කරුණක් නැත.