දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට නවීන රථවාහන මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය ජපානයේ මිට්සුබිෂී සමාගම හා ගිවිසුමකට එළැඹ තිබේ.
මේ සදහා වන මූල්‍යමය ආධාර ජපන් රජයෙන් ලබා දීමට නියමිතය.
මෙහෙයුම් පද්ධතියේ එක් කොටසක් වන්නේ අධිවේගී මාර්ගයට අලූතින් ඩිජිටල් දැන්වීම් පුවරු 24 ක් එක් කිරීම බව සදහන්ය.ඒවායේ රියැදුරන්ට වැදගත් වන අධිවේගී මාර්ගයේ රිය අනතුරු සිදුවී ඇත්ද,කාළගුණය කෙසේ වේද ආදී තොරතුරු දර්ශනය කරනු ඇත.
තවද මෙහෙයුම් කුටියේ සිටින නිළධාරීන් හට වේගය ඉක්මවා ධාවනය වන රථවාහන ක්ෂණිකව හදුනාගැනීමේ පද්ධතියක්, අධිවේගී මාර්ගයේ තත්ත්වය හා වෙනත් තොරතුරු ලබා ගත හැකි උපකරණ මේ යටතේ ස්ථාපිත කිරීමට නියමිත බව සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ලොකු දේවල් නෙවෙයි. ඩිජිටල් දැන්වීම් පුවරු කියන දේවල් අද ලංකාවේ පොඩි ළමයිනුත් හදනවා. අපේ රටේ ඉන්න ඉංජිනේරුවන්ට බැරිද මේවා රට ඇතුලේම හදන්න? (නදී)
මම ලංකාවේදී බොහෝ නිර්මාණ කළා. රජයේ විවිධ අමාතංශ , ඇමතිවරුන්ට ලිව්වා. අඩුම තරමින් ලිපියක්වත් නැහැ . මාධ්‍ය මගේ නිර්මාණ අගය කළා. මගේ නිර්මාණවලට විදේශ සමාගම් උදව්ව් කිරීමට ඉදිරිපත් වුණා.. මම අලුත් නිර්මාණ කරනවා . මට දුක මගේ රට ගැන. ජනතාව මීට වඩා බුද්දිමත් විය යුතුයි. (ත)
ජපානේ මිට්සුබිෂි ආයතනය රථවාහන නිපැයුමට ලංකාවේ වඩා ප්‍රසිද්ද වුනාට පැනසල් ලිපි ද්‍රව්‍ය නිපැයුමේ සිට, ඉලෙක්ත්රොනික් නිපැයුම්, නැව් නිපැයුම්,සිට විශාල ගොඩනැගිලි ඉදිකිරීම් දක්වා ව්‍යාප්ත වුන මහා ව්‍යාපාර සන්ධානයක්. (නදී)