විවාහ මංගල්‍යයකදී ගිනි අවියකුත් රැගෙන නැටුමට පැමිණි පවුලේ මිත්‍රයෙකු අතින් වැරදීමකින් අවිය ක්‍රියාත්මක වීමෙන් යේමනයේ විවාහ උත්සවය අවමංගල්‍යයක් බවට පත්වූ පුවතක් යේමනයෙන් වාර්තා විය.
විවාහ උත්සවය අවසානයේ පැමිණ සිටි පිරිස සංගීතයට අනුව නටමින් සිටින විට එතැනට ගිනි අවියකුත් රැගෙන පැමිණන පුද්ගලයෙකු ඔවුන් සමග නැටුමට එක්වන අයුරු අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝ පටයක දැක්වේ.
ඔහු අතින් එක්වනම ගිනි අවිය කි්‍රයාත්මක වී ඔහුත් සමග නටමින් සිටි පිරිසේ දෙතුන් දෙනෙකුටම වෙඩි පහර වදිනුද මෙම වීඩියෝ පටයේ පටිගතවී තිබේ.
වෙඩි වැදී පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි සදහන් වේ. එසේ වුවත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේද යන්න ගැන වාර්තාවක් මෙතෙක් ලැබී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලෝචනට වැරදිලා වගෙයි (නි)
දේව කැමැත්ත (ස)
මේ අය ඕනෑ දෙයක් කර ගත්තාවේ. අපි අපේ පාඩුවේ ඉදිමු (නි)
පුදුම වැඩ නේද මේවා? (නි)
මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)
වීඩියෝ පටිය ෆිල්ම් එකකටත් වඩා අර්ථවත් විදියට තියෙන්නේ ..හරිම ලස්සනයි ..? (අ)
මේ ආයුද යුගය තුරන් කල යුතුය යුද්දයක් නැති රටේ සාමාන්‍ය මිනිසුන්ට මොකටද ආයුද .....අ
ලෝකයේ හැමතැනම අපේ දේශපාලුවන්ගේ හැසිරීම් රටාව අනුගමනය කරන අය ඉන්නවා වාගේ (නි).
අරාබි රටවල මංගල සාදයකදී තුවක්කු පිස්තෝල වලින් අහසට වෙඩි තියන්නේ අපි රතිඥ්ඥ දල්වනවා වගේ. ඒක බෙහෙවින් සාමාන්‍ය දෙයක්. මෙවැනි අවස්ථා වල අනතුරු සිදුවූ අවස්ථාත් එමටයි. (නි)
දැන් ලෝකයටම මිනීමරන එක විනෝදාංශයක් වෙලා (නි)