IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තලේබාන් සාම කාර්යාලය තාවකාලිකව වසා දැමේ

ඇෆ්ගන් රජය සහ බටහිර රටවල් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පවතින අර්බුදයට, සාමකාමී රාජ්‍යතාන්ති‍්‍රක විසඳුමක් සෙවීමේ අරමුණින් ඇෆ්ගන් තලේබාන් සටන්කාමී සංවිධානය, කටාර් රාජ්‍යයේ දෝහාහි පිහිටු වූ සාම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට ඊයේ (10) තීරණය කළේය.
සාම කාර්යාලයේ සිටින තලේබාන් නියෝජිතයන් එය වසා දැමීමට තීරණය කළේ ඔවුන් එම සාම කාර්යාලය හැඳින්වීමට යොදා ගත් නමට ඇෆ්ගන් රජයෙන් දැඩි විරෝධයක් එල්ල වීම නිසාය.
තලේබාන් සංවිධානය තම සාම කාර්යාලය හැඳින්වීමට යොදා ගත්තේ ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යන නමය. ඒ ඇමෙරිකාවේ අනුමැතිය හිමිවීමෙනි. එහෙත් ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.
‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යනු 2001 වසරට, පෙර තලේබාන් පාලනය පවතිද්දී, ඇෆ්ගනිස්තානය හැඳින් වූ නමය.
1996 වසරේ සිට 2001 වසර තෙක් පැවැති එම තලේබාන් පාලනය පෙරළා දැමුණේ ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අවස්ථාවේදීය.
මීට අමතරව එම සාම කාර්යාලයට ඇෆ්ගන් වැසියන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත. ‘සාම කාර්යාලයට’ විරෝධය පාමින් කාබුල් නුවර විරෝධතා රැලි ද පැවැත්විණි.
වසර 12 ක් තිස්සේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරමින් අහිංසක වැසියන් දහස් ගණනින් අමු අමුවේ මරා දැමූ තලේබාන් සංවිධානය සමඟ සාම කතා අවශ්‍ය නැති බවත්, යුද්ධයෙන් ඔවුන් පරාජය කළ යුතු බවත් විරෝධතාවට එක්වන පිරිස් ඇෆ්ගන් රජයට කියා සිටිති.



අදහස් (0)

තලේබාන් සාම කාර්යාලය තාවකාලිකව වසා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site