පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හ~ නඟන පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිට ලිපියක් යවමින්, “තරීක් ඊ තලේබාන්“සංවිධානයේ නායකයකු වන අඩ්නාන් රෂීඩ් පවසා ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ  මලාලා දැරිය එම සංවිධානයේ සටන්කාමියකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වීමේ සිද්ධිය දැන ගැනීමෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවය.

පාකිස්තානයේ ක්‍රියාත්මක “තරීක් ඊ තලේබාන්“සටන්කාමී සංවිධානය, මලාලාට වෙඩි තැබුවේ ඇයි ද යන්න ද එම ලිපියේ පැහැදිලි කර ඇත. මලාලාගේ නමට ලිපිය ලැබී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයටය.

ලිපියේ සඳහන් වන්නේ තලේබාන්වරුන් මලාලාට වෙඩි තැබුවේ ඇය පාසල් ගිය නිසාම නොව, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඩනැගූ නිසා බවය.

ඇය වෙඩි ප්‍රහාරයකට ලක් වීම ගැන තමා කනගාටු වන බවත් එසේ නොවුණා නම් හොඳයි යැයි තමාගේ විශ්වාසය බවත් අඩ්නාන් රෂීඩ් සඳහන් කර ඇත. කෙසේ නමුත් රෂීඩ්, මලාලාගෙන් සමාව ඉල්ලා නැත.

රෂීඩ්, එම ලිපිය මලාලාට යැව්වේ, මලාලා ඉකුත් 12 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණ බාලිකාවනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සම්බන්ධයෙන් පැවැත් වූ විශේෂ දේශනයෙන් පසුවය.

ඇය එම දේශනය පැවැත්වූයේ ලෝකයේ රටවල් රැසකින් පැමිණ සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතමිනි.

 බාලිකා අයිතීන් වෙනුවෙන් හඩනැගීමේ වරදට තලේබාන් සටන්කාමීන් අතින් වෙඩි ප්‍රහාරයකට ලක්වී, බි්‍රතාන්‍යයේදී ප්‍රතිකාර ලබා සුවය ලැබූ, මලාලා යූසොෆ්සායි වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූලි 12 වැනිදා zමලාලා දිනය“ලෙස නම් කර ඇත. මලාලාගේ උපන්දිනට යෙදී ඇත්තේ ද එදිනටය. ඉකුත් 12 වැනිදා ඇය සැමරුවේ ඇගේ 16 වැනි උපන් දිනයයි.

මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඩ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූවාය. හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි්‍රතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් බ්‍රිතාන්‍යයට ගෙනෙණු ලැබු‚. ඇයට වැඩි දුර ප්‍රතිකාර ලැබුණේ බ්‍රිතාන්‍යයේදීය.

දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ දබ්‍රිතාන්යේය. ඒ බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමි‚යහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.