IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


තලේබාන් පපුවත් උණුවේ

පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හ~ නඟන පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිට ලිපියක් යවමින්, “තරීක් ඊ තලේබාන්“සංවිධානයේ නායකයකු වන අඩ්නාන් රෂීඩ් පවසා ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ  මලාලා දැරිය එම සංවිධානයේ සටන්කාමියකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වීමේ සිද්ධිය දැන ගැනීමෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවය.

පාකිස්තානයේ ක්‍රියාත්මක “තරීක් ඊ තලේබාන්“සටන්කාමී සංවිධානය, මලාලාට වෙඩි තැබුවේ ඇයි ද යන්න ද එම ලිපියේ පැහැදිලි කර ඇත. මලාලාගේ නමට ලිපිය ලැබී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයටය.

ලිපියේ සඳහන් වන්නේ තලේබාන්වරුන් මලාලාට වෙඩි තැබුවේ ඇය පාසල් ගිය නිසාම නොව, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඩනැගූ නිසා බවය.

ඇය වෙඩි ප්‍රහාරයකට ලක් වීම ගැන තමා කනගාටු වන බවත් එසේ නොවුණා නම් හොඳයි යැයි තමාගේ විශ්වාසය බවත් අඩ්නාන් රෂීඩ් සඳහන් කර ඇත. කෙසේ නමුත් රෂීඩ්, මලාලාගෙන් සමාව ඉල්ලා නැත.

රෂීඩ්, එම ලිපිය මලාලාට යැව්වේ, මලාලා ඉකුත් 12 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණ බාලිකාවනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සම්බන්ධයෙන් පැවැත් වූ විශේෂ දේශනයෙන් පසුවය.

ඇය එම දේශනය පැවැත්වූයේ ලෝකයේ රටවල් රැසකින් පැමිණ සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතමිනි.

 බාලිකා අයිතීන් වෙනුවෙන් හඩනැගීමේ වරදට තලේබාන් සටන්කාමීන් අතින් වෙඩි ප්‍රහාරයකට ලක්වී, බි්‍රතාන්‍යයේදී ප්‍රතිකාර ලබා සුවය ලැබූ, මලාලා යූසොෆ්සායි වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූලි 12 වැනිදා zමලාලා දිනය“ලෙස නම් කර ඇත. මලාලාගේ උපන්දිනට යෙදී ඇත්තේ ද එදිනටය. ඉකුත් 12 වැනිදා ඇය සැමරුවේ ඇගේ 16 වැනි උපන් දිනයයි.

මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඩ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූවාය. හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි්‍රතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් බ්‍රිතාන්‍යයට ගෙනෙණු ලැබු‚. ඇයට වැඩි දුර ප්‍රතිකාර ලැබුණේ බ්‍රිතාන්‍යයේදීය.

දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ දබ්‍රිතාන්යේය. ඒ බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමි‚යහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.



අදහස් (0)

තලේබාන් පපුවත් උණුවේ

සඳරුවන් Friday, 19 July 2013 01:18 AM

මෑත කාලයේ අන්තවාදී,මුලධර්මවාදී ගෝත්‍රිකයනට එල්ලවූ මරු පහරක් !(නදී)

:       0       0

සඳරුවන් Friday, 19 July 2013 01:19 AM

දෙයියෝ සියල්ල මැව්වනම් දෙයියන්ට විරුද්ද මාව මැව්වේ ඇයි?අන්තවාදියනි කියාපියව්?(නදී)

:       0       0

රත්නසිරි Friday, 19 July 2013 02:10 AM

අපේ බාන්ලා ටිකත් හොදට තේරුම් ගන්න.(නදී)

:       0       0

රිෂාර්ඩ් Friday, 19 July 2013 03:03 AM

මොනවා උනත් හොඳ නාඩගමක් යනවා එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්,මෙවන් සිද්ද්දීන් අහල නැති අයට ඉතින් දුක තමා.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 19 July 2013 08:04 AM

තලේබාන් කියන්නේ ත්‍රස්තවාදීන් නේද? ඉතින් මොන අනුකම්පාද? (නි)

:       0       0

බන්දුල Friday, 19 July 2013 08:47 AM

ලංකාවේ ඉන්න මුස්ලිම් සහෝදරියන්ට දෙන පණිවිඩයක් මේ ලිපියේ තියනවා..අන්තවාදයට උඩ ගෙඩි දුන්නොත් කවදාහරි ඔයාලටත් වෙන්නේ ඇෆ්ගනිස්තානේ වගේ ගෙයි මුල්ලට වෙලා පිරිමින්ගේ පයට යට වෙලා කළුවර විතරක් බල බල ඉන්න..(අ)

:       0       0

ගාමිණී-සිරි Thursday, 18 July 2013 09:51 PM

මලාලා දැරිය කෙරෙහි බ්‍රිතන්‍ය රජය,එක්සත් ජාතීන්ගේ සංවිධානය පමණක් නොවේ මුළු ලෝකයේම අනුකම්පාව හා කරුණාවට ලක්වී ඇති මොහොතක තලේබාන් නායකයාගේ හදවත උනුවීම කිඹුල් කඳුළු බව කාටත් අවබෝධ වෙනවා .(අ)

:       0       0

අසංක Saturday, 20 July 2013 09:18 AM

ප්‍රවේශමෙන් වැඩ නොකළොත් ලංකාවටත් මෙහෙම දේවල් වලට මුහුණ දෙන්න වෙන්න බැරිකමක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site